BREAKING NEWS
latest

728x90

468x60

Thursday, November 23, 2017

අධිකරණ තීන්දුව නොතකා බොරු කියූ ගම්මන්පිලට නීතිවේදියෙකු අනතුරු හඟවයි

කිසියම් නඩුවක චූදිතයෙකු ලෙස සිටින පුද්ගලයෙකුට අධිකරණ නීති පවා උල්ලංඝණය කරමින් අසත්‍ය ප්‍රකාශ පළ කිරීමට කිසිදු අයිතිවාසිකමක් නොමැති බව ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් මහතාගේ ඇටෝනි බලකරු වන ලසිත පෙරේරා මහතා පවසයි.

පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශ අයවැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් මේ වන විට ඔහු සම්බන්ධව විභාගවන නඩුවල කරුණු සහ රටේ නීතිය සම්බන්ධව සිදු කළ ප්‍රකාශ පිළිබඳව නිවැරදි කරුණු මාධ්‍ය වෙත ලබාදීමට හා ගම්මන්පිල මහතාට එල්ලවී ඇති චෝදනාවන්ට අධිකරණයේදී සහ නීතිය හමුවේ එක් කාරණයකුත්, ප්‍රසිද්ධ මාධ්‍ය සහ වේදිකාවල තවත් කාරණයකුත් ඉදිරිපත් කරමින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේ මාධ්‍ය හමුවක් අද (23) පුස්තකාල හා ප්‍රලේඛන ශාලාවේදී කැඳවමින් ලසිත පෙරේරා මහතා මේ බව සඳහන් කර සිටියේය

බ්‍රයන් ෂැඩික් මහතාට අයත් ඩිජිටල් නොමිනීස් නම් සමාගමේ කොටස් වංචනික ලෙස විකුණා මිලියන 20 මුදලක් සාවද්‍ය පරිහරණය කලැයි උදය ගම්මන්පිලට චෝදනා එල්ල වී තිබෙන මෙම නඩුවේ, ආරම්භයේ සිට මේ වන තෙක් ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටින්නේ බ‍්‍රයන් ෂැඩික් මහතා අසත්‍ය පවසන බවයි. නඩුවේ තීන්දුව මහාධිකරණය ලබාදීමට ප්‍රථම උදය ගම්මන්පිල ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ බ්‍රයන් ෂැඩික් මහතා වංචාකාරයෙකු ලෙස හුවා දක්වමින් සිටී. උදය ගම්මන්පිල යනු මෙම නඩුවේ චුදිතයකු වන හෙයින් ගරු අධිකරණට අපහාස වන ලෙස කිසිදු අදහසක් හෝ ප්‍රකාශයක් නිකුත් කිරීමට නොහැකි බව ලසිත පෙරේරා මහතා පවසයි. 

නඩුව ආරම්භ වී මස ගණනාවක් ගෙවී ගියද, බ‍්‍රයන් ෂැඩික් මහතාගෙන් ලබා ගත යුතු සාක්ෂි මේ වන විටත් අවසන් කර නොමැති අතර ගම්මන්පිල මහතාට මෙම නඩුව ඉක්මනින් අවසන් කිරීමට විශාල වුවමනාවක් පවතින බව ඔහු විවිධ ස්ථාන වල ප්‍රකාශ කර ඇති බවද පෙරේරා මහතා සදහන් කළේය. දෙවන වරටත් සැප්තැම්බර් මස ආරම්භ වූ මෙම නඩුව නොවැම්බර් වන විටත් බ‍්‍රයන් ෂැඩික් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම අවසන් කර නොමැති අතර නැවත එම යුවල ඔස්ට්‍රේලියාව බලා ගොස් සිටින බවත් දින 50 මුළුල්ලේ ලංකාවේ සිටීයද ඔහුගෙන් ප්‍රශ්න ඇසීම අවසන් කිරීමට අපොහොසත් වී තිබෙන බවද ලසිත පෙරේරා මහතා පවසයි.

බ්‍රයන් ෂැඩික් හා ජැනට් ෂැඩික්ගේ ඇටර්නි බලපත්‍ර ලංකාවේ හිමි තැනැත්තා වන ලසිත පෙරේරා වන මා විසින් ගම්මන්පිල මහතාට කිහිප අවස්ථාවක ඕනෑම මාධ්‍යක් සමග විවෘත විවාදයකට පෙනී සිටින ලෙස, ආරාධනා කළද මේ වන තුරු ඒ සදහා එතුමා පිළිතුරක් ලබා දී නොමැති බවද ලසිත පෙරේරා මහතා පවසයි.

ගම්මන්පිල මහතාගේ බිරිදට ද විරුද්ධව මේ වන විට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර එයද අවසන් වී නොමැති මොහොතක ඔවුන් ඔස්ට්‍රේලියාව පදිංචියට ගොස් තිබෙන බව ලසිත පෙරේරා මහතා පෙන්වා දෙයි.

පෑන් ඒෂියා බැංකුවේ කොටස් විකුණා මුදල් ලබා ගත් බව ශේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මගින් උදය ගම්මන්පිල මහතා ලබා දුන්නද, එහි කිසිදු ස්ථානයක බ්‍රයන් ෂෙඩ්ක් මහතාට එම මුදල නැවත ලබා දුන් බව කිසිදු ලියවිල්ලක සදහන් වී නොමැති බවද ලසිත පෙරේරා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය.

බ්‍රයන් ෂැඩික් හා ජැනට් ෂැඩික් කිසිදු බොරු සාක්ෂියක් ලබා දී නොමැති බවත් නඩුවේ තීරණය අධිකරණ මගින් ලබාදෙන තෙක් කිසිම ලෙස මේ සම්බන්ධව ගම්මන්පිල ඇතුළු අයට මෙලෙස හිතූ හිතූ ලෙස අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි බවද ලසිත පෙරේරා මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

මෙම නඩුව ලබන ජනවාරි 10,12,16 යන දිනවල නැවත කැඳවීමට නියමිත බවද ලසිත පෙරේරා මහතා පවසයි.
« PREV
NEXT »