Monday, November 13, 2017
Home
Gossip Lanka News
ජනපතිට එරෙහි මඩ මෙහෙයුමක්
ජනපතිට එරෙහි මඩ මෙහෙයුමක්
-
Monday, November 13, 2017
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ඉදිරියට කෙරීගෙන යන පරීක්ෂණ අඩපන කිරීම සඳහා ඊට සම්බන්ධ පිරිස් සමාජ ජාලා හා වෙබ් අඩවි මඟින් ජනාධිපතිවරයාට එරෙහිව මඩ ප‍්‍රචාරයක් ආරම්භ කර ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
එහි දී ජනාධිපතිවරයාට හිතවත් බව පෙන්වමින් හා අගමැතිවරයාට හිතවත් බව පෙන්වමින් පවත්වාගෙන යන වෙබ් හා සමාජ ජාලා මාධ්‍ය සඳහා අවැසි මුදල් බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පිරිස් විසින් ලබා දෙන බව වාර්තා වේ.
ඒ සඳහා කටයුතු කරනු ලබන්නේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා වූ දේශපාලනඥයෙකි. ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ ද එහි වාසිය ගෙන ජනාධිපතිවරයාට මඩ ප‍්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන අතර එහි ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ අලූතින් පිහිටුවාගත් පක්ෂයක ප‍්‍රධානියෙක් බව වාර්තා වේ.
එහි දී එක් පුවත් වෙබ් අඩවියකට විපක්ෂය මගින් පවුම් දහසක් මසකට ලබා දෙන විට බැඳුම්කර සිද්ධිය ට සම්බන්ධ දේශපාලනඥයා පවුම් 5000ක් ලබා දෙන බවට තොරතුරු හෙළි කර ගෙන ඇත.
මේ අතර ජනාධිපතිවරයා නිර්දය ලෙස විවේචනය කරන විදේශයක සිට කි‍්‍රයාත්මක වන වෙබ් අඩවියකට රාජ්‍ය දැන්වීම් ලබා දීම වහාම නතර කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. එම වෙබ් අඩවියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජාතික ලොතැරැුයි මණ්ඩලය ආදී ආයතනවලින් ලාබා දී තිබූ දැන්වීම් මේ අනුව අත්හිටුවා ඇත.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...