Monday, November 13, 2017
Home
Gossip Lanka News
මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ සියල්ලන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි වෙන ලකුණු?
මහින්ද රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ද විපක්‍ෂයේ සියල්ලන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි වෙන ලකුණු?
-
Monday, November 13, 2017
ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණයට සහාය ලබානොදෙන ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සියළු දෙනාටම එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයකු පැවැසීය.
මැතිවරණ ව්‍යාපාරය ඉලක්ක කරගෙන පවත්වන රැස්වීම්වලදී වෙනම සංවිධානයක් වෙනුවෙන් පෙනී සිටියොත් සහ නාම යෝජනා සකස් කිරීමේදී වෙනම සන්ධානයකින් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට කටයුතු කළොත් මේ කාරණා දෙක මුල් කරගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා නියමිත අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව රැස්කරන බවද එම ජේයෂ්ඨ නියෝජිතයා කීවේය.
මේ ආකාරයෙන් විනය පරීක්ෂණ පවත්වා ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වැරැදිකරුවන් වුවහොත් ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රිධුර අහෝසි වීමේ දැඩි අවදානමක් පවතින බවද ඒ ගැන තීරණය ගැනීමේ බලය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා අත බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේයෂ්ඨ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කිරීම සඳහා දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨයන්ගේ එකඟතාවය පළ වී තිබේ.
එහෙත් මෙම එකඟතාවය සඳහා ඒකාබද්ධ විපක්ෂයේ බස්නාහිර පළාතේ හිටපු ප්‍රබලයෙක් සහ පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ 19 දෙනෙක් පමණ විරුද්ධත්වය පළකර ඇත. එනමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ සිට සියලු ජ්‍යෙෂ්ඨයන්ගේ කැමැත්ත පළ වී ඇති අතර ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ 24 දෙනකුගේ කැමැත්ත දැනටමත් පළ වී ඇත.
මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යෑම සඳහා ජනාධිපතිවරයා විසින් නම්කර ඇති පාර්ලිමේන්තුවේ තරුණ දේශපාලනඥයා සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයාගේද ආශිර්වාදය හිමි වී ඇත.
කෙසේ නමුත් පසුපෙළ මන්ත්‍රීවරුන් 19 දෙනාගේ අකමැත්ත හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ කටයුත්ත ප්‍රමාද වෙමින් තිබෙන බව ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්‍ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...