BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, November 29, 2017

කොරියාවේදී ජනපති හරසරින් පිළිගැනේ - වීඩියෝ

දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මහතාගේ විශේෂ ආරාධනය පරිදි තෙදින රාජ්‍ය සංචාරයක්‌ සඳහා දකුණු කොරියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ඊයේ (28 දා) අලුයම සෝල් නුවර ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූහ.
එහිදී ජනාධිපතිවරයා ඉතා උත්කර්ෂවත් අන්දමින් පිළිගැනීමට දකුණු කොරියානු රජය කටයුතු කර තිබූ අතර එරට උප විදේශ අමාත්‍ය චොයුන්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රධානී චුන්සී යොන් යන මහත්වරුන් ඇතුළු එරට රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක්‌ ඊට එක්‌ව සිටියහ.

තවද ජනපතාවරයාගේ පැමිණීම කොරියානු නිල ජනපති නිවස වන @TheBlueHouseKR යන නිල ට්විටර් ගිණුම හරහා ශ්‍රී ලංකා ජනපතිගේ පැමිණීම ඉහල තලයේ තබා ටිව්ටර් පණිවුඩ කිහිපයක් නිකුත් කර තිබුනේ, මෑතකදී කොරියාවට පැමිණි ඉහල පෙළේ නායකයන් අතරින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ට ප්‍රමුඛස්ථානයක් දෙමිනි.

ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 40 ක්‌ සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදුවන අතර දෙරට අතර පවත්නා සබඳතා සෑම ක්‍ෂේත්‍රයක්‌ තුළින්ම තවදුරටත් ශක්‌තිමත් කරගැනීම එහි අරමුණයි.

ජනාධිපති මෛත්‍රිපාල සිsරිසේන හා දකුණු කොරියානු ජනාධිපති මුන් ෂෙයින් මහත්වරුන් අතර නිල හමුව අද (29 දා) සිදුවන අතර එහිදී දෙරට අතර සහයෝගිතාව ඉහළ නැංවෙන ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය.











« PREV
NEXT »