Wednesday, November 29, 2017
Home
Gossip Lanka News
පුතා ක්‍රිකට් පිලට නොගත්තාට ගාල්ලේ ඇලෝසියස් විදුහලේ විදුහල්පතිට මාරුවක් හමුවෙලා
පුතා ක්‍රිකට් පිලට නොගත්තාට ගාල්ලේ ඇලෝසියස් විදුහලේ විදුහල්පතිට මාරුවක් හමුවෙලා
-
Wednesday, November 29, 2017
ගාල්ලේ ඇලෝසියස් විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධානියාගේ පුතා ක්‍රිකට් කණ්ඩායම සදහා බඳවා නොගැනීම හේතුවෙන් එම විද්‍යාලයේ විදුහල්පතිවරයාව මාරු කර යවා ඇති බව අද (28) දා පැවැති දකුණු පළාත් සභා රැස්වීමේ දී හෙළිදරව් වී තිබේ.
කෙසේ වෙතත් මේ ගැන කිසිම පරීක්ෂණයක් සිදු කර නැති බව දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලීන් හේවගේ මහතා පවසා සිටියේය.
මෙය දේශපාලනඥයින්ගේද සහාය ලබා ගෙන සිදු කර ඇති බවත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ද මේ ගැන කටයුතු කර නොමැති බවත් හෙතෙම කියා සිටියේය.
ළමයෙක් වෙනුවෙන් පාසලම උගසට
'' මේ විදුහල්පතිවරයා යවන්න අධ්‍යාපන ඇමති අකිල විරාජ් එක්ක එකතු වෙලා මේ ගාල්ලේ ප්‍රධාන දේශපාලඥයෙක් ලග ඉන්න ප්‍රාදේශීය දේශපාලඥයෙක් වන ඒ පාසලේ ආදි ශිෂ්‍ය යෙක් තමයි මේ වැඩේ කෙරෙව්වේ. එකම හේතුව පුතා ක්‍රිකට් ටීම් එකට නොගැනීම. එක ළමයෙක් වෙනුවෙන් මුළු පාසලම උගසට තිව්වා. ඒ මාරු කරපු විදුහල්පතිතුමාට දීලා තියන චෝදනාව තමයි ළමයි දෙන්නෙක් පාසලට ගත්තා කියලා. අමාත්‍යංශයෙන් ලියුම් එවලා ළමයි 35 ක් අරගෙන තියනවා. ඒවාට පරීක්ෂණ නෑ.
අර විදුහල්පතිතුමා විදුහලට අරන් තියන දරුවන් දෙන්නාම ක්‍රීඩාවට අරන් තියෙන්නේ. එක්කෙනෙක් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, අනිත් කෙනා දක්ෂ රගර් ක්‍රීඩකයෙක්. එහෙම දරුවන් දෙදෙනෙකු ගත්තට තමයි මේ පාසලේ විදුහල්පතිවරයා යවලා තියෙන්නේ. ''
කිසිම පරීක්ෂණයක් නොමැතිව විදුහල්පතිවරයාව මාරුකර යැවීම කණගාටුවට කරුණක් බවත් මේ පිළිබදව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් හෝ සොයා නොබලන්නේ නම් පාසලේ කඩා වැටීමට හේතුවක් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
සුනෙත් ගාල්ලගේ
(ගාල්ල)