BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, November 01, 2017

විග්නේෂ්වරන් තමිල්නාඩු සහාය ඉල්ලයි

උතුරේ ද්‍රවිඩ අරගලය විසඳීම සඳහා ඩයස්‌පෝරාවේ සහ තමිල්නාඩුවේ සහාය ලබාගෙන කටයුතු කළ යුතු බව උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා යාපනයේදී ප්‍රකාශ කර ඇත.

එසේම උතුරු නැගෙනහිර උඩරට කඳුකරය සහ දකුණේ ද්‍රවිඩ ජනතාව එකට එක්‌වී ක්‍රියා කළ යුතු යෑයි ද ඔහු දක්‌වා තිබේ.

මේ හැර ද්‍රවිඩ ජනතාවට සහය දක්‌වන සිංහල ජනතාවගේ සහාය ද අනිවාර්යයෙන්ම අවශ්‍ය බව හෙතෙම ප්‍රකාශ කර ඇත.

සිංහල බෞද්ධ අන්තවාදීන් ඉතිහාසය ද විකෘති කර ඇතැයි පවසන උතුරු මහ ඇමැතිවරයා ද්‍රවිඩ ජනතාවගේ අරගලය දියත් කළ යුත්තේ නිවැරදි මාර්ගයේ බව ද සඳහන් කර තිබේ.
« PREV
NEXT »