Wednesday, December 20, 2017
Home
Gossip Lanka News
2020 දී පුටින් ක්‍රමයට මහින්ද ගේන හැටි බැසිල් කියයි
2020 දී පුටින් ක්‍රමයට මහින්ද ගේන හැටි බැසිල් කියයි
-
Wednesday, December 20, 2017
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යළි ජනාධිපතිවරණයට තරග කිරීමට නොහැකි බව ප්‍රකාශ කළද 2020 වසරේදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම පිහිටුවන බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
එදා රුසියාවේ ජනාධිපති පුටින් මහතාට තරග කිරීමට නොහැකි බව ප්‍රකාශ වුවද, එදා රුසියාවේ ජනතාවට පුටින් මහතාගේ නායකත්වය අවශ්‍ය වූ නිසා නිසි ක්‍රමවේදයක් සකසා එරට ජනතාව විසින් බලය ලබාදුන් බව සිහිපත් කිරීමට කැමැති බවද බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.
ඒ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ රටේ යළි නායකත්වය ලබාදීමට මේ රටේ ජනතාව නොඉවසිලිමත්ව සිටින බවද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ලෝකයේ දරුණුම ත්‍රස්තවාදයෙන් මේ රට බේරාගෙන විශාල සංවර්ධනයකට ගෙන ගියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ බවත් පසුගිය වසර 3 තුළදී හැම පැත්තකින්ම පහතට වැටී තිබෙන රට යළි ගොඩනැංවීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය මේ රටට අත්‍යවශ්‍ය වී තිබෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
