Wednesday, December 20, 2017
Home
Gossip Lanka News
ගෝඨා සතියෙන් යුදහමුදා මූලස්ථානය විකිණිම නිසා කෝටි 500ක වාර්ෂික කුලියක් ගෙවන්න වෙලා
ගෝඨා සතියෙන් යුදහමුදා මූලස්ථානය විකිණිම නිසා කෝටි 500ක වාර්ෂික කුලියක් ගෙවන්න වෙලා
-
Wednesday, December 20, 2017
පසුගිය රජය සමයේ යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ භූමිය විකුණා එම මූලස්ථානයේ ස්ථාපිතව පැවති යුද හමුදාවේ විවිධ අංශ කුලියට ගත් ගොඩනැගිලි 15ක් ස්ථාපිත කිරීම හේතුවෙන් වාර්ෂිකව කුලිය ලෙස රුපියල් කෝටි 500ක් ගෙවීමට රජයට සිදුව ඇතැයි ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප‍්‍රකාශ කළ බව වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
පසුගිය රජය නිසි සැලසුමකින් තොරව යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම ෂැංග‍්‍රිලා සමාගමට විකිණීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බවත් නිසි ආරක්‍ෂක ක‍්‍රමෝපාය සහිතව ඉදිකර තිබූ යුද හමුදා මූලස්ථානය මෙසේ හදිසියේ වෙනස් කිරීම හේතුවෙන් ආර්ථිකයට ගැටලූ ඇතිවූවා මෙන්ම ආරක්‍ෂාවටද ගැටලූ ඇතිවිය හැකිව තිබූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම ඉඩම විකිණීමට පෙර යුද හමුදා මූලස්ථානයක් ඉදිකිරීමට හෝ එක් නිශ්චිත ස්ථානයක් තෝරාගැනීමට කටයුතු කළා නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව කී අමාත්‍යවරයා ෂැංග‍්‍රිලා සමාගමට මෙම ඉඩම ලබාදී ඇත්තේ ද සින්නක්කරවම බව ප‍්‍රකාශ කළේය.
ඇමෙරිකාවේ ආරක්‍ෂක මූලස්ථානය වන පෙන්ටගනය හා සමානව යුද හමුදා මූලස්ථානයක් ඉදිකිරීමට පසුගිය රජය සමයේ කටයුතු ආරම්භ වුවත් එහි අක‍්‍රමිකතා සිදුව ඇති බවට ලැබුණු පැමිණිල්ල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට රජයට සිදුවූ බව ද සමරසිංහ මහතා පැවසීය.
