BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 30, 2017

අවුරුදු 27 ක්‌ පාර්ලිමේන්තුවේ හිටියා මට ප්‍රාදේශීය සභාවේ සභාපතිකම නරකද - හිටපු ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු අසයි

මම අවුරුදු 27 ක්‌ පාර්ලිමේන්තුවේ හිටියා. මට තව වැඩ කරන්න පුළුවන්. ඒ හින්දා මම මෙවර ජනාධිපතිතුමාට සහාය දක්‌වන්න වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග කරනවා. 

ඇයි මට ප්‍රාදේශීය සභා සභාපතිකම හොඳ නැද්ද? යෑයි පක්‌ෂ විපක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුව වසර 27 ක්‌ කටයුතු කළ මිල්රෝයි ප්‍රනාන්දු මහතා අසයි.

විපක්‌ෂ මන්ත්‍රීවරයකු ලෙස 1989 ශ්‍රී ලනිපයෙන් පාර්ලිමේන්තුවට පිවිසි මිල්රෝයි ප්‍රනාන්දු මහතා 1991 ධීවර නියෝජ්‍ය ඇමැති, 2000 සමාජ සේවා හා ධීවර ප්‍රජාවගේ නිවාස ඇමැති යළි 2004 ක්‍රිස්‌තියානි හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති සහ කැබිනට්‌ නොවන වැවිලි කර්මාන්ත ඇමැති, ග්‍රාමීය ආර්ථික ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති 2010 දී නැවත පදිංචි කිරීමේ ඇමැති ඇතුළු තනතුරු රැසක්‌ හෙබවීය.

මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ ආශිර්වාදයෙන් පත්වූ ඉකුත් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන ඔහුගේ සොහොයුරියගේ පුත්‍රයා වූ සුසන්ත ප්‍රනාන්දු මහතා මෙවර මහින්ද රාජපක්‌ෂ මහතාට සහයෝගය දැක්‌වීමට තරග කරද්දී මිල්රෝයි ප්‍රනාන්දු මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට ඉදිරිපත්ව තිබීම විශේෂත්වයකි.

නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රීලනිපයේ නීතිඥ රොෂාන් නිලන්ත ප්‍රනාන්දු මහතාද මහින්ද රාජපක්‌ෂ මහතාට සහාය ලබාදීමට එක්‌වී ඇති අතර එහි විපක්‌ෂ කණ්‌ඩායමේ දෙවැන්නාව සිටි එජාපයේ සජීව ප්‍රනාන්දු මහතාද මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට එක්‌ව තිබේ.

« PREV
NEXT »