BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 30, 2017

ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ ජීඑස්‌පී කපයි

ඒ අනුව 2018 ජනවාරි 01 දින සිට ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන ඇමෙරිකානු වෙළෙඳපොළට අපගේ භාණ්‌ඩ වරණීය නොවන තීරු බදුවලට යටත්ව අපනයන කිරීමට සිදු වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත, සමන් ගමගේ

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකට ඇමෙරිකාව විසින් ලබාදෙන ජීඑස්‌පී බදු සහනය (විශේෂ ප්‍රතිලාභ සහිත වෙළෙඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය) හෙට (31 දා) සිට අවසන් කෙරෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

මේ වර්ෂය සඳහා කටයුතු කල් තැබීමට පෙර ඇමරිකානු කොංග්‍රසය මෙම වැඩසටහන බලාත්මක නොකළ බවද එම තානාපති කාර්යාලය කියයි.

මේ සමඟම 2018 ජනවාරි 01 දින සිට ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන ඇමරිකානු වෙළෙඳපොළට අපගේ භාණ්‌ඩ වරණීය නොවන තීරු බදුවලට යටත්ව අපනයන කිරීමට සිදු වේ.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ලෙස මෙතෙක්‌ ඇමරිකාව කටයුතු කළ බවත් පසුගිය වසරේ (2016) දී ඇමරිකානු ඩොලර් බිලියන 2.8 ක භාණ්‌ඩ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කර තිබෙන බවත් ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

මේ තීරු බදු සහනය අහිමි වීමත් සමඟ එම බදු සහන යටතේ ඇමරිකාවට අපනයනය කළ භාණ්‌ඩවලට ඉතා ඉහළ තරගකාරීත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති බවද එය එම භාණ්‌ඩ නිපදවන කර්මාන්ත අංශවලට අහිතකර ලෙස බලපෑම් ඇති වනු ඇතැයිද ආර්ථික විශේෂඥයෝ පවසති.


ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශයට පත් කිරීමට විරෝධය පාමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ආ යෝජනාවට ශ්‍රී ලංකාව සහාය දැක්‌වීම ශ්‍රී ලංකාවට මෙලෙස ජී. එස්‌. පී. සහනය අත්හිටුවීමට ආසන්න හේතුව ලෙස සැලකිය හැකි යෑයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
« PREV
NEXT »