Friday, December 01, 2017
Home
Gossip Lanka News
ඒකාබද්ධයේ මන්ත්‍රීන් 45 ක් ගෙදර යෑවීමට ලේසියෙන් බැහැ - පොදු ජන පෙරමුණේ සභාපති ජී. එල්. කියයි
ඒකාබද්ධයේ මන්ත්‍රීන් 45 ක් ගෙදර යෑවීමට ලේසියෙන් බැහැ - පොදු ජන පෙරමුණේ සභාපති ජී. එල්. කියයි
-
Friday, December 01, 2017
මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටින ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 45 දෙනකු පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ආණ්‌ඩුවේ නියෝජිතයන් තර්ජනය කළ ද එය එතරම් සරල දෙයක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.
නිල වශයෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ ඒකාබද්ධ විපක්‍ෂය ගිවිසුමකට එකඟ වන්නේ නැත්නම් එම මන්ත්‍රීවරුන්
පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරීමට ක්‍රියාමාර්ග ගන්නා බවට ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ව්‍යංග ලෙස තර්ජනයක් කෙරී තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
එලෙස බියකර ගිවිසුම්වලට එළඹීමට බලකිරීමට කිසිසේත් නොහැකි බවත්, ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් දේශපාලන හා නීතිමය වශයෙන් ඒ සඳහා මුහුණදීමට ඒකාබද්ධ විපක්‍ෂයට ශක්‌තිය තිබෙන බවත් ජී. එල්. පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් මන්ත්‍රීවරුන් 45 දෙනා ගෙදර යවා ඒ වෙනුවට ජනතාව ප්‍රතික්‍ෂේප කළ අය පාර්ලිමේන්තුවට ගෙන ඒමට යැම ජනතා මතයට පයින් ගැසීමක් බව පැවසූ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුව ජනතා මතයේ කැඩපත බවත් කීවේය.
