Friday, December 01, 2017
Home
Gossip Lanka News
දළ ඇතුන් මරාදැමීම පිලිබඳව සිදුකෙරෙන පරීක්ෂණ ඇමති සාගලගෙ නියෝගයෙන් CIDයට - පහක් අත්අඩංගුවට
දළ ඇතුන් මරාදැමීම පිලිබඳව සිදුකෙරෙන පරීක්ෂණ ඇමති සාගලගෙ නියෝගයෙන් CIDයට - පහක් අත්අඩංගුවට
-
Friday, December 01, 2017
පසුගිය දිනවල දී වාර්තාවූ දළ ඇතුන් මරා දැමීමේ සිද්ධි පිළිබඳ පරීක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටපවරන්නයැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් වැඩබලන පොලිස්පති, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ( පරිපාලන ) සී.ඩී. වික්‍රමරත්න මහතාට නියෝග කරන ලදී.
ඒ අනුව ගල්ගමුවේ දළපූට්‌ටුවා හස්‌තියා වෙඩි තබා ඝාතනය කර දළ යුගල කපාගෙන ගිය බව කියන සැකකරුවන් පස්‌දෙනෙක් නිකවැරටිය කොට්‌ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් පොල්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
