Saturday, December 02, 2017
Home
Gossip Lanka News
"මම ජනාධිපති කාලේ මගේ අගමැතිට නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ" - රනිල් කළ යුතු දේ ගැන මහින්ද කියයි
"මම ජනාධිපති කාලේ මගේ අගමැතිට නම් මෙහෙම වෙන්න දෙන්නේ නැහැ" - රනිල් කළ යුතු දේ ගැන මහින්ද කියයි
-
Saturday, December 02, 2017
මම ජනාධිපතිවරයා වෙලා ඉඳලා මගේ අගමැතිවරයාට මෙහෙම වුණා නම් කීයටවත් කවදාවත් එතනට යන්න ඉඩ තියන්නේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කලේ එක්සත් ජනතා නිදහස් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ දේශපාලන දිවියට වසර 20ක් සැපිරීම නිමිත්තෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (1) බේරුවලදී පැවැත්වූ උත්සවයක් අමතමිනි.
එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මේ අවුරුදු තුන තුල වැඩක් කරේ නැහැ. කළේ පළිගැනීම. ඉතුරු අවුරුදු දෙකේදී ඒගොල්ලෝ කියනවා ඉස්සරත් බොන්ඩ් තිබුනලු. ඒ බොන්ඩ් ගැන හොයනවලු. දැන් 8 වෙනිදට එනවා. අපි වාර්තාව දිහා හොඳට බලාගෙන ඉන්නේ. මොකක්ද මේ වාර්තාවෙන් කරන්නේ කියලා. මම ජනාධිපතිවරයා වෙලා ඉඳලා මගේ අගමැතිවරයාට මෙහෙම වුණා නම් කීයටවත් කවදාවත් එතනට යන්න ඉඩ තියන්නේ නැහැ. මොකද අගමැතිවරයෙක් ලෝකයේ පළවෙනි වතාවට විත්ති කූඩුවකට නැගලා සාක්ෂි දෙන එක නුසුදුසු ක්‍රියාවක් වශයෙන් තමයි මම නම් දකින්නේ. මොකද ඒක එහෙම නෙවෙයි විය යුතුව තිබුණේ. මම නම් කියනවා කරුණාකරලා පොඩ්ඩකට ඉල්ලා අස්වෙලා ගිහිල්ලා සාක්ෂි දීලා වරෙන් කියලා. එහෙම නැත්තම් ලෝකේ සංවර්ධනය සඳහා මිනිස්සු එන එක අපේ රටට ආයෝජකයෝ එන එක ගැන සැක හිතනවා. මෙයත් කෙලිනවානම් හරි වැඩක් වෙනවනේ අපිට කියලා. ඒ සැකය හැම වෙලාවේම රටේ අවාසියටයි සිදු වෙන්නේ. බය නැති අගමැති කියලා ගහලා තිබුණා. කිසි බයක් නැහැ. පසුගිය කාලේ FCID හදලා නොගිච්ච එක්කෙනෙක් නැහැ.”
“අද එතනින් එහාට ගිහිල්ලා ඊයේ සාක්ෂියක් දෙනවා නියෝජ්‍ය ඇමතිවරයෙක් අලියෙක්ව අරන් ගියා කියලා අපේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. නියෝජ්‍ය ඇමතිවරයා කියනවා නෑ මට දුරකථනයකින් හාමුදුරුවෝ කතා කළේ නැහැ එහෙම කිව්වොත් තමයි නඩුවට බරක් වෙන්නේ කියලා නීතිපති කිව්වලු. දැන් මේ නීතිපති ඉන්නේ නඩු හදන්නද? අපිට විශාල සැකයක් ඇති වෙනවා නීතිපතිවරයා මේ කරන්නේ කාගේ හරි වුවමනාවක්ද?, රජයේ වුවමනාවක්ද? එහෙමනම් බොරු සාක්ෂි කියන්න කියලා නියෝජ්‍ය ඇමතිවරයෙක් ලවා කියවනවා නම් බරපතල අපරාධයක්. පළි ගැනීම හැර අද වෙන වැඩක් නම් නැහැ. ලකුණ හෝ කාර්යාලය නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ. අපිට එකතු වෙන එක අරුමයක් නෙවෙයි, ප්‍රශ්නයක් නෙවෙයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සියල්ලන්ටම එක ධජයක් යටතට එන්න පුළුවන්. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන බෑනේ. තනතුරු දාලා එන්න. මේ ඉන්නේ තනතුරු නැතුව. ඇමතිකම් නැති වුණාම මොකෝ මේ කට්ටියට ගෙදර කන්න නැතුවයෑ. අනේ ඒක නම් කරන්න බැහැ. එක එකා කියන විදියට අපිට අස්වෙන්නත් බැහැ කිය කිය කියනවා. එහෙමනම් අපි එක එකා කියන විදියට එකතු වෙන්නත් බැහැ. ඒක තමයි වෙන්නේ.” යැයි වැඩිදුරටත් පැවසීය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...