BREAKING NEWS
latest

728x90

468x60

Sunday, December 03, 2017

මොරගහකන්ද විදුලිබල උත්පාදනයට පරීක්ෂණ කටයුතු සදහා ජලය නිකුත්කිරීම ජනපති අතින්

මොරගහකන්ද ජලාශය විදුලිබල උත්පාදනය සඳහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සඳහා ජල නිකුත් කිරීම ඊයේ (02) දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරුණි.


පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමඟ මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 178ක ප්‍රමාණය පසුගිය (01) දිනය වන විට සම්පූර්ණ වී තිබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අද දහවල් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එම කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම පරීක්ෂා කිරීම සඳහා ජලය නිකුත් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙය රජරට ජනතාව වෙනුවෙන් තමා ද දිගු කාලයක දුටු සිහිනයක් බවයි.

එම සිහිනය මල්පල ගැන්වෙන තවත් සුවිශේෂී දිනයක් වූ අද දිනය උදාවන තුරු තමා බලාසිටි බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

මොරගහකන්ද ජලාශය මඟින් ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙගාටොට් 25ක විදුලි ධාරිතාවක් ද එක් කරනු ලබයි.

අද සිට දින 04ක් සිදු කෙරෙන පරීක්ෂා වලින් අනතුරුව පැය 72ක් අඛණ්ඩව විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් විදුලි උත්පාදන කටයුතු පරීක්ෂා කිරීම් කටයුතු සිදු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා පත් කෙරුණු නව සංවිධායකවරු 20 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලබා ගෙන තිබේ.

ඒ අනුව නුවරඑළිය, මහනුවර, ගම්පහ, කොළඹ, ගාල්ල, අනුරාධපුර, රත්නපුර, පුත්තලම, දිගාමඩුල්ල, මඩකළපුව යන දිස්ත්‍රික්ක සඳහා මෙම නව ආසන සංවිධායකවරු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
« PREV
NEXT »