BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 02, 2017

ඇමැති රන්ජන්ට බැඳුම්කර හොරු එල්ලන්න ඕනලු

බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බවත් ඔවුන් වංචා කරනු ලැබූ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් සහ දේපළ නැවත රජයට ලබාගත යුතු බවත් නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ඊයේ (01 දා) පැවසීය.

බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන තුරු රටේ ජනතාව දැඩි උනන්දුවකින් යුතුව බලාසිටින බව ද රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

යහපාලන රජය බලයට පත්වුණේ හොරුන්ට දඬුවම් ලබාදෙන බව කියමින්. ඒත් යහපාලන රජය යටතේත් මේ වගේ මහා පරිමාණ වංචා සිදුවෙනවා නම් ඒක බරපතළ වැරැද්දක්‌. ඒ නිසා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් වගකීම මේ බැඳුම්කර වංචාකාරයන්ට දඬුවම් ලබාදීම යෑයි ද නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
« PREV
NEXT »