Saturday, December 02, 2017
Home
Gossip Lanka News
DIG සඳුන්ගහවත්ත අත්අඩංගුවට ?
DIG සඳුන්ගහවත්ත අත්අඩංගුවට ?
-
Saturday, December 02, 2017
උතුරු මැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් පද්මලාල් සඳුන්ගහවත්ත මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ඒ අදාළ නියෝජ්‍ය පොලිස්පතිවරයා පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටියදී රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් ව්‍යාජ වවුචරයක් යොදා වංචා කිරීම සම්බන්ධයෙනි.
මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වා එයට අදාළ ගණකාධිකාරීවරයා හා එම චෙක්පත් මාරුකළ සැරයන්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එහිදී සඳුන්ගහවත්ත මහතා අදාළ අත්සන තමාගේ නොවන බවට පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබූ අතර ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් පසුව අධිකරණය විසින් එම අත්සන අත්අකුරු පරික්ෂාවකට යොමුකර තිබිණි.
අත්අකුරු පරික්ෂාවෙන් අදාළ අත්සන නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බව තහවුරු කර තිබේ.
අදාළ, පරීක්ෂණය පැවැත්වෙමින් තිබියදී සඳුන්ගහවත්ත මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කිරීම සම්බන්ධයෙන්ද මේවන විට ගැටලු ඇතිව ඇති අතර එම උසස්වීම ලබාදීමට පොලිස්පතිවරයා මූලිකව ඇතැයි පැවසේ.
SLM
