Wednesday, December 20, 2017
Home
Gossip Lanka News
ලංකාවට අහිමි වූ රුසියා තේ කෙන්නියාව බිලිගන්නා ලකුණු
ලංකාවට අහිමි වූ රුසියා තේ කෙන්නියාව බිලිගන්නා ලකුණු
-
Wednesday, December 20, 2017
ශ්‍රී ලංකාවෙන් රුසියාවට අපනයනය කරන තේවල තිබී කෘමියෙකු හමුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා රුසියාව විසින් පැනවූ තාවකාලික තහනම තම වාසියට හරවා ගැනීමට කෙන්නියාව සූදානම් වෙයි.
රුසියාවට තේ අපනයනය කරන රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රධාන තැනක් ගනියි. කෙන්නියාවද රුසියාවට තේ අපනයනය කරන අතර, ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම තාවකාලිකව නැවැත්වීම හරහා රුසියාවේ ඇතිවූ තේ වෙළෙඳ පොළ කොටස පිළිබඳ කෙන්නියාව අවධානය යොමුකර තිබේ.
රුසියාවට කෙන්නියාවෙන් අපනනයන කරන තේ වර්ධනය කරගැනීම සඳහා කෙන්නියාව පසුගිය වසරක පමණ කාලයක සිට උත්සාහයක නිතර විය. රුසියාවට තේ අපනයනය කරන රටවල් අතර කෙන්නියාව තෙවැනි ස්ථානයේ පසුවෙයි.
