BREAKING NEWS
latest

728x90

468x60

Friday, December 29, 2017

ජනපති ශ්‍රීලනිප අපේක්ෂකයන් හමුවෙයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද  පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවත්විණි.

අපේක්ෂකයින් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් පුරා රටට අවශ්‍යව පැවති පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ වැදගත් පියවර සනිටුහන් කෙරෙන්නේ මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය තුළින් බවයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුම්වත් කිරීම වෙනුවෙන් මෙම හමුව කැඳවා  තිබුණි.

මෙහිදී සියලූම අපේක්ෂකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සුරකිමින් නීති ගරුක, පිරිසිදු පාලනයක් පළාත් පාලන ආයතන ව්‍යූහය තුළ ඇති කිරීම සදහා ප්‍රතිඥා දීම ද සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොට්ඨාස නියෝජිත පත්වීම් ලබාදීම යටතේ, පළාත් පාලන ආයතන 341ක් නියෝජනය වන පරිදි එක් සභාවකට එක් නියෝජිතයෙකු බැගින් පත්කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ද අද සිදු විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අග්‍රාමත්‍ය දී.මූ ජයරත්න, නිමල් සිරිපාල ද සිල්වා,අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඇතුථ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂක අපේක්ෂාවන් අටදහසකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය



« PREV
NEXT »