BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, December 06, 2017

ජනමාධ්‍ය දේශපාලන නිරන්තර ගැටුම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍යයි

ජනමාධ්‍යයත් දේශපාලනඥයාත් අතර ගැටුමක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට අවශ්‍යබවත් එය සමනය විය යුත්තක් නොවන බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය. ජනමාධ්‍යවේදී ගුණදාස ලියනගේ මහතාගේ ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව පොතෙහි අවසාන ඡේදය උපුටා දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේ ජනමාධ්‍යවේදීන් හා දේශපාලනඥයන් යන දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් බලවත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවයි. 2005 – 2015 කාලයේ දේශපාලනඥයා බලවත් වෙමින් මාධ්‍ය යටපත්කර පාලනය කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයට හානිවූ ආකාරයද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇමැති මංගල සමරවීර මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ “ජනමාධ්‍ය හා දේශපාලනය” යන මැයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ සම්මන්ත්‍රණයකදීය. එම සම්මන්ත්‍රණය (දෙසැ. 05) කොළඹ 5 කිරුළ පාරේ ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් කතාකළ ජනමාධ්‍ය ඇමැතිවරයා කීවේ මාධ්‍ය වාරණය විසි එක්වැනි සියවසට වලංගු දෙයක් නොවන බව හා වෙබ් අඩවි තහනම් කළද නව තාක්ෂණය යටතේ ප්‍රොක්සි මඟින් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ ප්‍රවෘත්ති කියවන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අද නිදහස් ජනමාධ්‍යයට ප්‍රධාන තර්ජනයක් වී ඇත්තේ විශේෂයෙන්ම අන්තර්ජාලය තුළින් බොරු ප්‍රවෘත්ති විකාශ කිරීම බවත් ඒ සඳහා ට්‍රෝයි නමින් හඳුන්වනු ලබන මුදල් ගෙවන කණ්ඩායම් යොදාගන්න බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා හෙළිදරව් කළේය. සැබෑ මිනිසුන්ගෙන් සැදි ට්‍රෝයි මෙන්ම කිසිදු අයකු නැති බොක්ස් නමින් හදුන්වන එකක්ද මෙම ක්‍රියා සඳහා යොදාගන්නා බවත්, ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීම සඳහා යොදා ගන්නා මෙබඳු ඒකක වැඩි ප්‍රමාණයක හඳුනාගැනීමේ අංක ඇත්තේ ලිබියාවේ, රුසියාවේ හෝ පැරණි සෝවියට්දේශයට අයත්ව තිබූ නැගෙනහිර යුරෝපීය රටවල බව සමීක්ෂණයකදී හෙළි වූ බව ජනමාධ්‍ය ඇමැතිවරයා හෙළිකළේය. ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපෑම් කිරීම සඳහා යොදාගන්නා මෙම ව්‍යාජ ඒකක වැඩි ගණනක සේවය ලබාගන්නේ විපක්ෂයේ තරුණ දේශපාලනඥයකු බව තමා වගකීමෙන් කියන බවද ජනමාධ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
« PREV
NEXT »