BREAKING NEWS
latest

728x90

468x60

Friday, December 22, 2017

ඇස්බැස්ටත් තහනම ඉවත් කලොත් ජනපතිට විරුද්ද ජන බලයක් හදනවා..- රතන හිමි

කලින් සැලසුම් කර තිබූ පරිදි ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක නොකරන්නේ නම් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හා යහපාලන රජයට විරුද්දව ජනබලයක් ගොඩ නගන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.

ශ‍්‍රී ලංකාව තුල ඇස්බැස්ටස් තහනම් කල යුතු යයි විහාල හඬක් තමන් වහන්සේද නැගූ බව උන් වහන්සේ සදහන් කරති.

2018 ජනවාරි මාසයේ සිට මෙරට තුල ඇස්බැස්ටස් තහනම් කරන බවට ජනාධිපතිවරයා කලින් කියා තිබුනද ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ එම තීරණය ක‍්‍රියාත්මක නොකිරීමටයි.

රුසියාව විසින් ශ‍්‍රි ලංකා තේ තහනමක් පනවන ලද්දේ ඇස්බැස්ටස් තහනම නිසා බව ඇමති නවීන් දිසානායක මහතා සදහන් කලේය.
« PREV
NEXT »