BREAKING NEWS
latest

728x90

468x60

Friday, December 22, 2017

එජාප කොළඹ ලයිස්තුවේ පාතාල නායකයාගේ පුතාගේ නම අගමැති කපා දමයි

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයේ කොළඹ නගර සභා අපේක්‍ෂක ලයිස්තුවට ඇතුළු කිරීමට සූදානම් කර තිබූ නමක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඉවත් කර ඇත.



එසේ ඉවත් කර ඇත්තේ ප‍්‍රබල පාතාල නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේද පුතෙකුගේ නමකි.

අදාල පාතාල නායකයා මේ වන විට විදේශගතව සිටින අතර ඔහුගේ පුත්‍රයා එජාපයේ කොළඹ මහනගර සභා අපේක්ෂක ලැයිස්තුවට ඇතුළු කිරීමට දිස්ත්‍රික්කයේ එජාප ප්‍රබලයෙක් දැඩි උත්සාහයක් දරා ඇත.

මේ ගැන වාර්තා වීමත් සමග අගමැතිවරයා විසින් ඊයේ අලුයම 3.00ට පමණ එම පුද්ගලයාගේ නම අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයිද වාර්තා වෙයි.
« PREV
NEXT »