Friday, December 22, 2017
Home
Gossip Lanka News
“බැසිල් මාව රැවැට්ටුවා.. කළවැද්දා මාව කැපුවා” – විජිත රෝහණගෙන් චෝදනා
“බැසිල් මාව රැවැට්ටුවා.. කළවැද්දා මාව කැපුවා” – විජිත රෝහණගෙන් චෝදනා
-
Friday, December 22, 2017
කෝට්ටේ නගරසභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත්වීමට තමන් බලාපොරොත්තුවෙන් සිටියත් නාම යෝජනා ලබා නොදුන් බව ජෝතිෂවේදී විජිත රෝහණ විජයමුණි මහතා පවසයි.
නාම යෝජනා ලබාදෙන පොරොන්දුව මත තමා බැසිල් රාජපක්ෂ මහතා හමුවී පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බවත්, කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ උවමනවාට තමාගෙ නම කපා දමා ඇති බවත් හෙතෙම කියා සිටී.
නාම යෝජනා ලබා දෙනවා යැයි පවසා බැසිල් රාජපක්ෂ මහතා තමන්ව නොමග යැවූ බවත් ඔහු චෝදනා කර සිටී.
විජිත රෝහණ විජයමුණි මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනසෙත පෙරමුණේ ටැක්ටරය ලකුණෙන් ඉදිරිපත් වී පරාජයට පත්විය. දින වකවානු සහිතව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිවාර්යෙන්ම මිය යන්නේ යැයි ඔහු විසින් කරන ලද අනාවැකියක් මහත් ආන්දෝලනයට ලක්විය.
