BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 23, 2017

කාන්තා අපේක්ෂිකාවන්ට ගැටලු කියන්න විශේෂ දුරකතන අංකයක්

පළාත් පාලන ඡන්ද විමසීමේදී කාන්තා අපේක්ෂිකාවන්ට ඇතිවන ගැටලු සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ එක්වී විශේෂ දුරකතන අංකයක් ඉදිරියේ දී හඳුන්වා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.


මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ ඊයේ (22) පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් සමඟ පැවැති දෙවැනි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම දුරකතන අංකයට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව කඩිනමින් විමර්ශන හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. 

සඳුන් රමේෂ්
« PREV
NEXT »