Monday, December 18, 2017
Home
Gossip Lanka News
යට ගැසී ඇති පැමිණිලි සියල්ලටම ශීඝ්‍රයෙන් නඩු පවරන ක්‍රමයක් ගේනවා - අගමැති
යට ගැසී ඇති පැමිණිලි සියල්ලටම ශීඝ්‍රයෙන් නඩු පවරන ක්‍රමයක් ගේනවා - අගමැති
-
Monday, December 18, 2017
යට ගැසී ඇති පැමිණිලි සියල්ලටම ශීඝ්‍රයෙන් නඩු පවරන ක්‍රමයක් හඳුන්වා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයක් අනුව නීතිපතිවරයා සමඟ මේ පිළිබඳ සාකච්ජා කළ බව කී අගමැතිවරයා පළමුවෙන්ම කරනුයේ පක්ෂයේ අයට විරුද්ධව ඇති චෝදනා සොයා වැරදි හදා ගැනීම බව ද පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ මහරගම බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමින් අගමැතිවරයා ඊයේ (17) මේ බව පැවැසීය.
එහිදි අගමැතිවරයා මෙසේද කීය.
අපට හංගන්න කිසිවක් නැහැ. උඩ සිට පහළට විවෘත පාලන ක්‍රමයක් අප අනුගමනය කරනවා. එසේම පසුගිය කාලයේ අපරාධ විභාග කරනවා. මෙරට විශාල දූෂණ පැමිණිලි, නඩු ගණනාවක් විභාග කර තිබෙනවා. පොලිසිය පැමිණිලි 93 ක් විභාග කර අවසන් කර නීතිපති වෙත යොමු කිරීමෙන් පසු නඩු 20 ක් නීතිපති විසින් පවරා තිබෙනවා. අධිකරණයේ නඩු ඉක්මනින් ඇසීමේ ක්‍රමයක් යෝජනා කර තිබෙනවා. වසර 5 ක් 6 ක් කල් නොයවා නඩු ඇසීමටත් ඉන්පසු අභියාචනා ඉදිරිපත් කිරීමට කෙටි කාලයක් ලබා දීම මේ යටතේ යෝජනා වී තිබෙනවා. විභාග කර අවසන් පැමිණිලි සඳහා නඩු නොපවරන්නේ ඇයිදැයි රජයට චෝදනා එල්ල වෙනවා. නමුත් නීතිය සහ අධිකරණ ක්‍රමය කඩා දමන්නට හැකියාවක් නැහැ. නීතිය තුළින් ඒ කටයුතු සිදු කිරීම අරමුණයැයිද අගමැතිවරයා කීය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...