BREAKING NEWS
latest

728x90

468x60

Saturday, December 09, 2017

දෙන්නට දෙන්නා දීර්ඝ ආයුෂ පතමින්, පසඳගේ මඟුල් ගෙදරදී හමු වූ මෛත්‍රී - ලක්‌ෂ්මන්ගේ ඩීල් එක වැඩ කල හැටි මෙන්න

ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති ලක්‌ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් පසඳ යාපා අබේවර්ධනගේ විවාහ මංගල උත්සවයේ ඊයේ පැවැත්විණ.ඒ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේය.


අමාත්‍යවරයාගේ පුතණුවන් සමගින් අතිනත් ගනු ලැබුවේ එක්‌සත් ජාතික පක්‌ෂයේ දේශපාලනඥයකු වන ජනක මල්ලිමාරච්චි මහතාගේ දියණියයි.
මනාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මනාලියගේ පාර්ශ්වය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාද සාක්‌ෂියට අත්සන් තැබූහ.මංගල උත්සවයේදී ඔවුන් දෙදෙනා විනාඩි විස්‌සක ඉතා සුහද කතාබහක නිරත වූහ.

මෙම මංගල උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා (07) පෙරවරු 10.45 ට පමණ පැමිණ අසුන් ගෙන සිටි අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාද එම ශාලාවට පැමිණ ඉදිරියට ගමන් කරද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අසුන්ගෙන සිටිනු දැක තිබේ.

ඉන්පසු මහින්ද රාජපක්‌ෂ මහතා මෛත්‍රිපාල සිරිසේන මහතා අසුන්ගෙන සිටි මේසය වෙත ගොස්‌ "ආයුබෝවන්" කියමින් ජනාධිපතිවරයාට ආචාර කළේය. මහින්ද රාජපක්‌ෂ මහතා තමන් වෙත පැමිණෙනු දුටු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද වහාම නැගිට ඔහුට ආයුබෝවන් කියමින් ආචාර කළේය.

මෛත්‍රිපාල සිරිසේන මහතා අසුන්ගෙන සිටි අසුනට යාබද අසුනේම මහින්ද රාජපක්‌ෂ මහතාද අසුන් ගත් අතර ඉන්පසු දෙදෙනා ඉතා සුහද කතාබහක නිරත වූහ.මෙය මංගල උත්සවයට පැමිණ සිටි කාගේත් අවධානයට ලක්‌ වූ සිදු වීමක්‌ විය. ඒ දුටු බොහෝ දෙනෙක්‌ ජනාධිපතිවරුන් දෙපළ අසලට පැමිණි අයුරුද දැකගත හැකි විය.
මෙහිදී මහින්ද රාජපක්‌ෂ මහතා සහ මෛත්‍රිපාල සිරිසේන මහතා විනාඩි විස්‌සක පමණ කාලයක්‌ ඉතා සුහද කතාබහක නිතර වූ අතර දේශපාලන තොරතුරුද දෙදෙනා අතර කතාබහ වූ බව විවාහ මංගල උත්සවයට සහභාගිවූවෝ පැවසූහ.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්‌ෂ මහතා සහ මෛත්‍රිපාල සිරිසේන මහතා එකිනෙකා හමු වී මෙතරම් වේලාවක්‌ සුහද කතාබහක නිරත වූයේ ප්‍රථම වතාවටය. ඒ නිසා ඒ ගැන කාගේත් අවධානය යොමුව තිබිණි.මේ අවස්‌ථාවට රජයේ ශ්‍රීලනිප සහ එජාප මැති ඇමැතිවරුන් රැසක්‌ මෙන්ම ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරු රැසක්‌ ද සහභාගි වී සිටියහ.







« PREV
NEXT »