BREAKING NEWS
latest

728x90

468x60

Friday, December 08, 2017

බර්ගර් කිං ජනපතිට පිටුපෑවද?


ලෝක ප්‍රසිද්ධ බර්ගර් කිං ක්ෂණික ආහාර දාමයේ ශ්‍රී ලංකා ශාඛාව ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියට පටහැනිව සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවීමට තමන් සූදානම් බවට වූ ඉඟියක් පළ කර තිබේ.

ජනරජයේ ප්‍රධානියා ලෙසත්, රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නා ලෙසත් පසුගියදා ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනහමුවකදී "මයිලෝ" කිරි පානය නොකරන ලෙස ඉල්ලා තිබියදී බර්ගර් කිං ආයතනයේ නිල ෆේස්බුක් ගිණුම හරහා මයිලෝ කිරි ප්‍රවර්ධනය කරමින් මුදල් ගෙවා දැන්වීමක් පළ කර ඇත.



ජනාධිපතිතුමන්ගේ කතාවෙන් පැය කිහිපයක් ඉක්මයාමටත් මත්තෙන් ඔවුන් මෙලෙස අධික සීනි ප්‍රමාණයක් සහිත ශරීරයට අහිතකර "මයිලෝ" පානය ප්‍රවර්ධනය කිරීම හරහා මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියට සහ ජනාධිපතිතුමන්ට කර ඇති අපහාසය සුලුපටු නොවේ.

වගකිවයුතු ආයතන මේ පිළිබඳව සොයා බලා ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ආහර අලෙවි කරන මෙවැනි බහුජාතික සමාගම් වලට එරෙහිව නිසි පියවර ගත යුතුය.





« PREV
NEXT »