Tuesday, January 16, 2018
Home
Gossip Lanka News
පොල්ගහවෙල ගුවන් පාළම 17 දා ජනතා අයිතියට
පොල්ගහවෙල ගුවන් පාළම 17 දා ජනතා අයිතියට
-
Tuesday, January 16, 2018
ශ්‍රී ලංකාවේ ඇති දුම්රිය ස්ථාන අතරින් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ප්‍රධාන මාර්ගයේ උඩරට දක්වා ගමන් කරන දුම්රියත් උතුරු මැද සහ නැගෙනහිර පළාත දක්වා ගමන් කරන දුම්රියත් වෙන් වන්නේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදීය. දිනකට මන්දගාමී දුම්රිය ගමන්වාර 76 ක් ගමන් කරන බැවින් පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල පොල්ගහවෙල කෑගල්ල මාර්ගය දිනකට පැය 3කට ආසන්න කාලයක් වසා තබයි.
මෙම ගැටළුවට පිළියමක් ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යයේ උපදෙස් පරිදි මෙම ස්ථානයේ නව ගුවන් පාලමක් ඉදි කිරීම සඳහා 2016 අප්‍රියෙල් 19 වන දින මුල් ගල තබන ලදි. මංතීරු 02 ක් සහිතව රුපියල් මිලියන 2,203.11 ආයෝජනයකින් ඉදිකල ගුවන් පාලමේ දිග මීටර 650කි. පිවිසුම් මාර්ගයක් සහිතව මීටර 883 දිගින් යුත් පොල්ගහවෙල ගුවන් පාලමේ ඉදිකිරීම් මාස 16ක් තුල ඉදිකිරීම් අවසන් කර තිබේ. හෙට (17) දින උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ සුරතින් පොල්ගහවෙල ගුවන් පාලම ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.
මාධ්‍ය එ්කකය
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය