Tuesday, January 16, 2018
Home
Gossip Lanka News
දෙහිඅත්තකණ්‌ඩියෙන් ශ්‍රීලනිපය විසිවෙයි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
දෙහිඅත්තකණ්‌ඩියෙන් ශ්‍රීලනිපය විසිවෙයි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
-
Tuesday, January 16, 2018
අම්පාර දිස්‌ත්‍රික්‌කයේ දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග කිරීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය භාරගැනීම ප්‍රතික්‍ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම විභාගයක් පැවැත්වීමට නියම කරන්නේ නැතිවම ශේ්‍රෂ්ඨාධිකරණය ඊයේ (15 දා) නිෂ්ප්‍රභ කළේය.
පෙත්සමේ පදනමක් නැති බවත් විභාග කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු උසාවියට ඉදිරිපත් කර නැති බවත් ශේ්‍රෂ්ඨාධිකරණය සඳහන් කළේය.
දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභා මැතිවරණයට භාර දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප වී තිබුණේ හේතූන් 2 ක් මතය.
එම නාමයෝජනා පත්‍රය පක්‍ෂයේ බලය ලත් නියෝජිතයා විසින් අම්පාර දිස්‌ත්‍රික් මැතිවරණ නිලධාරියාට භාර නොදීම පළමුවැන්නයි.
එම අපේක්‍ෂක ලැයිස්‌තුවට නීතියට අනුව අවශ්‍ය කාන්තාවන් සංඛ්‍යාව එනම් 9 ක් ඇතුළත් කර නොතිබීම දෙවැනි හේතුවයි.
එම නාමයෝජනා පත්‍රය භාරදී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අපේක්‍ෂක ලැයිස්‌තුවට ඇතුළත් කර සිටි බී.ආර්. කුලරත්න නමැති අය විසිනි. වෙනම ඉදිරිපත් කර තිබූ කාන්තා අපේක්‍ෂක ලැයිස්‌තුවේ සිටියේ 8 දෙනෙකි. අනිත් අපේක්‍ෂකයා පිරිමියෙකි. ඉකුත් සතියේ පෙත්සම ශේ්‍රෂ්ඨාධිකරණයට ගොනු කිරීමෙන් අනතුරුව පෙත්සම්කරුවන් මාධ්‍යයට පැවැසුවේ පක්‍ෂයේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‍ෂේප වීම විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවයි. සමහරවිට නොදැනුවත්කම නිසා වරද සිදුවන්නට ඇතැයි එක් පාක්‍ෂිකයෙක් පැවැසීය.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් සහ නලින් පෙරේරා, සිසිර ද ආබෲ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.
ජනාධිපති නීතිඥ ඡේ. සී. වැලිඅමුණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය පෙත්සමේ වගඋත්තරකරුවන් වන නීතිපති, මැතිවරණ කොමසාරිස් හා අම්පාර මැතිවරණ තේරීම් භාර නිලධාරි වෙනුවෙන් පෙනී සිටියාය.
සරත් ධර්මසේන
