BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 10, 2018

ජනාධිපති කොමිෂන් වාර්තාවේ 34 න් 32ක්ම පොහොට්ටුවේ උදවියලු

බරපතල දුෂණ වංචා හොයන ජනාධිපති කොමිසම් වාර්තාව අනුව එම සිද්ධින් 34 න් 32කටම සම්බන්ධ වී ඇත්තේ එක්බද්ධ විපක්ෂයේ ජී.එල්. පීරිස්ගේ 'පොහොට්ටු' පක්ෂයේ අය බව මහා මාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා ඊයේ (08) හාලිඇල පට්ටිපොල ප්‍රදේශයේ පැවති ජන හමුවකදි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයද අලි බබා සහ හොරු හතලිහ මෙන් හෙයින් ඔවුන්ටද ජන්දය දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ඉතිරි වන්නේ හොරු ඇල්ලීම සඳහා කොමිෂන් සභා පත් කර පාට පක්ෂ භේදයකින් තොරව තනතුරු පසෙකලා හොරුන්ට දඬුවම් දීමට ක්‍රියා කළ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු සන්ධානය බව හෙතෙම පෙන්වා දුන්නේය.

එහෙයින් ජනතාවට තෝරා ගැනීමට ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බව ඔහු අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, 

''ඔලු ගෙඩි වෙනස් කරන්න පුළුවන් ජනාධිපති පමණයි '' 

''මේ ප්‍රාද්ශීය සබා මැතිවරණයේදී ආණ්ඩු පෙරලන්න බැහැ. නමුත් ඔලු ගෙඩි වෙනස් කිරීමේ බලය තියෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පමණයි.

අගමැති පත්කරන්නේත් ඇමතිවරු පත්කරන්නේත් ජනාධිපතිතුමයි.

ඒක තේරෙන්නේනැති එජාපයේ සමහරු සරම ඇදන් ඔලුවෙන් හිටගෙන කතා කරනවා එතකොට පේන්නේ මොකක්ද?

මහබැංකු මුදල් කොල්ලය තුළ ඒ සොරකම් කල අර්ථ සාධක අරමුදලින් බහුතරයක් මේ අහිසංක ජනතාවගේ මුදල් වතුකම්කරුවන්ගේ මුදල් ඒවා තමයි සොකරම් කරල තියෙන්නේ .

එහෙම බලන කොට මේ ජන්දදෙදි එජාපයට ජන්දයක් දෙන්න බැහැ . මොකද ලොකු එකා එහෙම සොකරම් කළාම පොඩි උන් හිතනවා පොඩ්ඩක් හොරකම් කරන්න.
« PREV
NEXT »