Wednesday, January 24, 2018
Home
Gossip Lanka News
මහ ඇමති නිදොස් කිරීමට විදුහල්පතිනියගෙන් බොරු ප්‍රකාශ කරවාගත් මාධ්‍යවේදීන් 3 ට නොතීසි
මහ ඇමති නිදොස් කිරීමට විදුහල්පතිනියගෙන් බොරු ප්‍රකාශ කරවාගත් මාධ්‍යවේදීන් 3 ට නොතීසි
-
Wednesday, January 24, 2018
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්විම, තර්ජනය ගැන අසත්‍ය ප්‍රකාශයක් ලබා ගැනීම හා මහ ඇමති නිදොස් කිරීමට ඒවා මාධ්‍ය තුළට යොමු කිරීම සම්බන්ධයෙන් ඌව අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, බදුල්ල පොලිස් ස්ථානාධිපති, පළාත් සභා මාධ්‍යවේදීන් 3 කට ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නොතීසි නිකුත් කර තිබේ.
පළාත් සභාවේද සේවකයින් වන පාලිත ආරියවංශ, ප්‍රසන්න පත්මසිරි, අමිල ක්‍රිෂාන්ත රත්නායක යන අයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් කැඳවීම් කර ඇති අතර මෙම විමර්ශනය සදහා ඌව අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රත්නායක, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රණසිංහ , බදුල්ල පොලිස් ස්ථානාධිපතිට 2018 ජනවාරි 25 දින පෙ.ව. 10 ට පැමිණෙන ලෙස කැඳවීම් කර ඇත.
මෙම පිරිස සිදු කළ ක්‍රියාව මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව හා 13 ව්‍යවස්ථාවේ සදහන් අදාල භාෂාණයේ හා ප්‍රකාශනයේ අයිතිය මෙන්ම 10 වන ව්‍යවස්ථාවේ සදහන් හෘදය සාක්ෂියේ නිදහස ද දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බව සඳහන්ය.
ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් විසින් සිදුකළ පැමිණිලි 2 කට අනුව මෙම කැදවීම් සිදු කර ඇත.
