Wednesday, January 24, 2018
Home
Gossip Lanka News
පුටින්ගෙන් හා ලෝක පාපන්දු සම්මේලනයෙන් ලංකාවට ලැබුණු තෑග්ග - රටවල් 54ක් අතුරින් ලංකාවට තෝරාගත් හේතුව මෙන්න
පුටින්ගෙන් හා ලෝක පාපන්දු සම්මේලනයෙන් ලංකාවට ලැබුණු තෑග්ග - රටවල් 54ක් අතුරින් ලංකාවට තෝරාගත් හේතුව මෙන්න
-
Wednesday, January 24, 2018
ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය ඊයේ ශී‍්‍ර ලංකාවට රැගෙන එනු ලැබිමෙන් පසු අද (24) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විණ.
ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් 54ක මහජන ප‍්‍රදර්ශනය සඳහා රැගෙන යන චාරිකාව ප‍්‍රථම ගමනාන්තය ලෙස කුසලානය ශී‍්‍ර ලංකාවට රැගෙන එම විශේෂත්වයක් වන අතර මෙලෙස පාපන්දු ලෝක ශූරතාවයක කුසලානයක් ශ‍්‍රී ලංකාවට රැගෙන ආවේ ඉතිහාසයේ පළමු වරට වීම ද විශේෂත්වයක් වනවා.
ශී‍්‍ර ලංකාවට අමතරව මෙම කුසලානය ආසියාව තුළ රැගෙන යාමට නියමිතව ඇත්තේ පකිස්ථානයට සහ මාලදිවයිනටයි.
ඊයේ දිනයේදී විශේෂ ගුවන් යානයකින් කුසලානය ශී‍්‍ර ලංකාවට රැගෙන ආ අතර ශී‍්‍ර ලාංකික පාපන්දු කී‍්‍රඩාලෝලීන්ට පාපන්දු ලෝක කුසලානය සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදාකරමින් අද දිනයේ දී පාපන්දු කුසලානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී මහජන ප‍්‍රදර්ශනය සඳහා තැබෙනු ඇති. ඒම උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වෙයන් පැවැත්විණ.
අද පෙරවරුවේ කුසලානය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අවස්ථාවට කි‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා යන මහත්වරුන් සහ ශී‍්‍ර ලංකාවේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් මෙන්ම 1998 වසරේ ලෝක කුසලානය දිනු ප‍්‍රංශ පාපන්දු කණ්ඩාමේ සාමාජිකයින් ද එක්ව සිටියා.
මෙම කුසලානය රටවල් 54ක් අතුරින් ප්‍රථමයෙන් ලංකාවට රැගෙන ඒමට හේතුව ලෙස සඳහන් වන්නේ මෙවර පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන්නේ රුසියාවේ මොස්කව් නගරය බැවින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මෙම කුසලානයේ සංචාරය ශ්‍රී ලංකාවෙන් ආරම්භ කරන ලෙස පාපන්දු සම්මේලනයෙන් කල ඉල්ලීමක් බව සඳහන් වනවා.
මෙරට තිබු පසුගිය පාලනයේ වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා ලෝකයෙන්ම කොන්වී සිටි අපේ රට අද මෛත්‍රී පාලනය ප්‍රමුඛ යහපාලන රජය යටතේ කොතරම් ඉදිරියට පැමිණ ඇතිද යන්න ඇස් පනාපිට සාක්ෂි සහිතව ඔප්පු වන අවස්තාවක් ලෙස මේ මහඟු අවස්තාව ඉතිහාසයට එක් වනු ඇත.
