BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 25, 2018

විදුහල්පතිනිය දණ ගැස්‌වීම : ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල තවත් 5ක්‌ සමඟ අද මානව හිමිකම් කොමිසමට

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර්. බවානි මහත්මිය දණ ගැස්‌සවීම සහ ඇයට බලපෑම් සිදු කර ප්‍රකාශයක්‌ ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක්‌ සිදු කොට ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය ඇතුළු වග උත්තරකාර පාර්ශ්වයේ හයදෙනකුට අද (25දා) පෙරවරු 10.00 ට කොළඹ 04 පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිෂන් සභාව සිතාසි නිකුත් කර ඇත. 

මේ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ එච්. ආර්. සී /236/18 අංකය යටතේ ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය, බදුල්ල පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, බදුල්ල පොලිස්‌ ස්‌ථානාධිපති, ඌව පළාත් සභාවේ මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක සහ එම ඒකකයේ තවත් සේවකයින් දෙදෙනකු කැඳවා ඇත.

විදුහල්පතිනිය දණ ගැස්‌සවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් සහ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්‌ටාලින් යන මහත්වරුන් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක්‌ මත ඔවුනට මෙම කැඳවීම සිදු කොට ඇත.

ආර් බවානි මහත්මිය වින්දිත පාර්ශ්වය ලෙස සලකා මෙම විමර්ශනය සිදු කෙරේ.
« PREV
NEXT »