BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 25, 2018

රවි කරු ගැටෙති - විශේෂ ප්‍රකාශයට ඉඩ නොලැබී

බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්‌ සිදුකිරීමට හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා විසින් ඊයේ (24 දා) කළ ඉල්ලීම කථානායක කරු ජයසූරිය මහතා ප්‍රතික්‌ෂේප කළේය.

වරප්‍රසාද ප්‍රශ්නයක්‌ මතු කරමින් රවි කරුණානායක මහතා සිය ප්‍රකාශය කිරීමට සූදානම් වුවද එය වරප්‍රසාද ප්‍රශ්නයක්‌ නොවන නිසා ස්‌ථාවර නියෝග අනුව අවසර දිය නොහැකි බව කථානායකවරයා කීවේය. මේ නිසා කථානායකවරයාත්, රවි කරුණානායක මහතාත් අතර උණුසුම් කතාබහක්‌ ඇතිවිය.

"මට පාර්ලිමේන්තුවේදී මේ ප්‍රකාශය කරන්න දෙන්නේ නැත්නම් එළියට ගිහින් මාධ්‍යයට සහ වෙබ් අඩවිවලට එය ලබා දෙනවා" යෑයි රවි කරුණානායක මහතා කී විට "ඒක ඔබේ කාර්යයක්‌" යෑයි කථානායකවරයා කීවේය.

"මම නම්‍යශීලී නිසානේ මට මේ අවස්‌ථාව දෙන්නේ නැත්තේ. මම දරදඬු වුණානම් මට කතා කරන්න දේවි. තොරතුරු දැන ගැනීමේ පනතට අනුව රුපියල් පන්දාහක්‌ ගෙවලා මා ලබා ගත් තොරතුරුයි මම කියන්න හැදුවේ. මම අවුරුදු 24 ක්‌ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්‌ ලෙස කටයුතු කරනවා" යෑයිද කරුණානායක මහතා කීවේය.

ඔබ මේ මතු කරන්නේ වරප්‍රසාද ප්‍රශ්නයක්‌ නොවේ. තවදුරටත් මේ ගැන වාද කරන්න අවශ්‍ය නෑ..." කථානායකවරයා කීවේය.

තොරතුරු පනත යටතේ රවි කරුණානායක මහතා දැනගත් වැදගත් කරුණු හෙළිදරව් කරන්න දෙන්න. එවිට ඒ තොරතුරු අපටත් ලබාගත හැකියි" යෑයි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඒ අවස්‌ථාවේ යළිත් නැගී සිටි රවි කරුණානායක මහතා "මෙතෙක්‌ කලක්‌ මගේ චරිතය ඝාතනය කරලා රුපියල් 2500 ට ජනතාවට කවන්න හදපු බන්දුලට මිනිත්තු තුනෙන් මා ගැන අනුකම්පාවක්‌ හිතිලා. මේ ජනාධිපති කොමිසම හමුවට ගිහින් සමාව ඉල්ලපු එකම මන්ත්‍රීවරයා බන්දුල. ඒක මේ වාර්තාවේ සඳහන් වෙලත් නෑ." යෑයි පැවසුවේය.

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ
« PREV
NEXT »