Saturday, January 13, 2018
Home
Gossip Lanka News
කොළොන්නාවේ ශ්‍රීලනිප සහ පොහොට්ටු සමාජිකයින් රැසක් එජාපයට
කොළොන්නාවේ ශ්‍රීලනිප සහ පොහොට්ටු සමාජිකයින් රැසක් එජාපයට
-
Saturday, January 13, 2018
කොළොන්නාව මැතිවරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන ලද සාමාජිකයින් රැසක් එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා අතින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.
මෙහිදී කොළොන්නාව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රීන් වන සුදත් සේනක” චින්තක මුතුකුමාරණ යන මහත්වරුන් සමග මෙවර පළාත් පාලන මැතිවරණයේදී කොළොන්නාව නගර සභාවේ අපේක්ෂකයින් වන සමන් නිශ්ශංක” මංජුලා හේරත් යන මහත්ම මහත්මීන් සහ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ අපේක්ෂක සහ ප්‍රජාතාන්ත්‍රික වාමාංශික පෙරමුණේ කොළොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායක වෙලින්ටන් කහදවලආරච්චි මහතා ද ඇතුලුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සහ පොදු ජන පෙරමුණු ක්‍රියාකාරී සාමාජිකයින් රැසක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා ලදී.
අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් කොළොන්නාවේ සංවර්ධනය උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් සිදු කරන වැඩපිළිවෙල සම්බන්ධව පැහැදීමකට පත්ව සිටින නිසා මෙසේ පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමට තීරණය කල බව මොවුන් වැඩිදුරටත් පවසන ලදී.
– මිනුර රශාන්ත
Most Reading
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...
-
අපි ගෙනාපු ජනාධිපති කරන වැඩ නිසා තමනට දැන් මල පැනලා සිටින බව ඇමති හරීන් ප්රනාන්දු මහතා පවසයි. ‘මට නම් මේ දවස්වල දේශපාලනේ මල පැනල...