BREAKING NEWS
latest

728x90

468x60

Saturday, January 27, 2018

ඡන්ද ළං වන විට මගේ පවුලේ අයට නඩු දාන්න ආණ්‌ඩුවට මතක්‌ වෙනවා - මහින්ද රාජපක්‌ෂ

"ඡන්දයක්‌ ළං වුණාම මටයි මගේ පවුලෙ අයටයි නඩු දාන එක ගැන කියවනවා. මේ ආණ්‌ඩුව කරපු දෙයක්‌ නැහැ. මොනවා කිව්වත් රටේ ජනතාව දන්නවා රටට යමක්‌ කළේ කවුද කියලා" යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා 'දිවයින' ට ඊයේ (26 වැනිදා) පැවසීය. 

විවිධ චෝදනා කරමින් මටයි බැසිල්ටයි නඩු දානව කියලා මේ ආණ්‌ඩුව බලයට පත් වෙච්ච කාලෙ කිව්වා. අපි ඒ නඩුවලට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියෙ. දැන් ඒ අයට අපට මොකුත් කරන්න බැරිව ඉන්නවා. මිනිස්‌සු මේ හැම දෙයක්‌ම දන්නවා. අපි ඉදිරි මැතිවරණයේදී බලමු මොකද වෙන්නෙ කියලා. ජනතාව දැනටමත් තීරණය කරගෙන ඉන්නෙ මොකක්‌ද කරන්නෙ කියලා යෑයි මහින්ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

« PREV
NEXT »