BREAKING NEWS
latest

728x90

468x60

Wednesday, January 10, 2018

ගනේමුල්ල ගුවන් පාලම හෙට ජනතා අයිතියට

ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධානතම වානිජ නගරයක් වන ගණේමුල්ල නඟරයට විශාල ජනකායක් දෛනිකව විවිධ අවශ්‍යතා සඳහා පැමිණේ. ප්‍රධාන දුම්රිය මාර්ගයේ කාර්යබහුලම දුම්රිය ස්ථානයක් වන ගනේමුල්ල දුම්රිය ස්ථානය හේතුවෙන් දැඩි වාහන තදබදයක් නිරන්තරයෙන් ගනේමුල්ල නගරය තුල පවතී. මෙයට පිළියමක් ලෙස ගනේමුල්ල දුම්රිය මාර්ගය හරහා ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය මඟින් 2016-04-19 දින ගනේමුල්ල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල් ගල තබන ලදි. මීටර 300 ක දිගින් යුතු පිවිසුම් මාර්ගයත් සමඟ ගනේමුල්ල ගුවන් පාලමේ සම්පූර්ණ දිග මීටර 504 කි. 

මංතීරු 02 ක් සහිතව ඉදිකරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,768.21 වැය වී ඇත. මෙම ගනේමුල්ල දුම්රිය මාර්ගය හරහා දෛනිකව දුම්රිය වාර 154 ක් ගමන් කරන බැවින් පැය 03 ක පමණ කාලයක් ප්‍රධාන මාර්ගය වසා තබයි. එමගින් ඇතිවූ වාහන තදබදය නිසා ප්‍රවාහන ජාලයේ ඇති වූ අසීරුතාවය මෙම ගුවන් පාලම ඉදිකිරීමත් සමඟ පහව යයි. 


මාස 20ක් තුල ඉදිකිරීම් අවසන් කල ගනේමුල්ල ගුවන් පාලම උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ සුරතින් හෙට (11) දින ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව වාර්තාවේ
« PREV
NEXT »