
Wednesday, January 10, 2018
Home
Gossip Lanka News
මරිකාර්ගේ කනේ පහරෙන් ගාමිණී ලොකුගේ බිම අැද වැටෙයි - ප‍්‍රසන්න රණවීර විසින් චමින්ද විජේසිරිට පහර දෙයි - මැති සබේම එකම ගාලගෝට්ටියක් වෙයි - UPDATES
මරිකාර්ගේ කනේ පහරෙන් ගාමිණී ලොකුගේ බිම අැද වැටෙයි - ප‍්‍රසන්න රණවීර විසින් චමින්ද විජේසිරිට පහර දෙයි - මැති සබේම එකම ගාලගෝට්ටියක් වෙයි - UPDATES
-
Wednesday, January 10, 2018
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුවි ඇතිබවට ගොසිප්99 අප මීට පෙර සදහන් කලා. එහි සිද්ධිය මෙසේය ...
මරිකාර්ගේ කනේ පහරෙන් ගාමිණී ලොකුගේ බිම අැද වැටෙයි
ඒකාබද්ද විපක්‍ෂය විසින් සභා ගැබේ මැද පුවරු ඔසවාගෙන විරෝධතාවයේ යෙදෙද්දී මන්ත්‍රී මරික්කාර් විසින් සිසිර ජයකොඩ් මන්ත්‍රිවරයා අතැති පොස්ටරය රැගෙන විසිකරනවාත් සමගම ගාමිණී ලොකුගේ මන්ත‍්‍රීවරයා විසින් ඔහුට කනේ පහරක් එල්ල කර ඇති අතර මරික්කාර් මන්ත්‍රී වරයා එය අාවරනය කිරීමට යාමෙන් ඔහුගේ අතට එම පහර එල්ලවී ඇත.
ටික වේලාවකින් ඒකාබද්ද විපක්‍ෂය සභාවෙන් පිටවෙද්දී මරික්කාර්, චමින්ද විජේසිරි යන මන්ත‍්‍රීවරුන් විසින් ලොකුගේ මන්ත‍්‍රීවරයා ලූහුබැද ඇති අතර එහිදී ප‍්‍රසන්න රණවීර මන්ත‍්‍රීවරයා විසින් චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයාට පහර දී තිබේ.
තවද එස්.එම්.මරික්කාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවී ඇති අතර මන්ත්‍රී මරික්කාර් විසින් ගාමිනී ලොකුගේ මහතාගේ කනට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ගාමිණී ලොකුගේ මහතා බිම අැද වැටී ඇත. ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් බවට පත්වී ඇත.
එහිදී මෙම ගැටුම සමතයට පත් කිරීමට මංගල සමරවීර මහතා සහ හර්ෂද සිල්වා මහතා විසින් මරික්කාර් මහතා පසෙකට කැදවාගෙන ගොස් ඇත.

මන්ත්‍රී රංජිත්ට සුළු තුවාල
එහිදී මැති ඇමතිවරු පරුෂ වචනයෙන් බැණ වැදි ඇති බවත් ඉතා අශෝභන ආකාරයෙන් හැසිරුණු ආකාරයක් ජංගම දුරකථනයක පටිගත වී ඇත.
විරෝධතාවයට එක් වී සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් හා එක්බද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ බහින්බස් වීම දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එය සමතයකට පත් කිරීමට අගමැතිවරයාට ද මැදිහත් වීමට සිදු විය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්රෛතීපාල සිරිසේන මහතා අද ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...