Tuesday, January 30, 2018
Home
Gossip Lanka News
හොරු රකින පොහොට්ටුවට ශ්‍රීලනිපය සමඟ එක්විය නොහැකියි
හොරු රකින පොහොට්ටුවට ශ්‍රීලනිපය සමඟ එක්විය නොහැකියි
-
Tuesday, January 30, 2018
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 96 දෙනාටම තමා සමඟ එක පෙළට සිට ගන්නට පැමිණෙන්නැයි තමන් ඇරයුම් කළේ තම දේශපාලන ප්‍රතිපත්තිය සමඟ ඇතැමුන්ට එකඟවිය නොහැකි බව නොදැන සිටි නිසා නොවන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ (29) පස්වරුවේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.
වංචාව දූෂණය උදෙසා තම අරමුණු ඉටු කර ගැනීමට කවුරුන් කෙසේ කටයුතු කරමින් සිටිය ද රටට අවශ්‍ය නොකිළිටි දේශපාලන ව්‍යාපාරය කුමන අභියෝග හමුවේ වුව ද ජය ගන්නා බව අවධාරණය කළ ජනාධිපතිවරයා සොරුන් නොවන, සොරකම් නොකරන සහ සොරකම්කළ බවට චෝදනා නොමැති පාර්ලිමේන්තුවේ සිටින සියලුදෙනාට පිරිසිදු රජයක් ගොඩනඟාගනිමින් ඉදිරියට යාමට තමා ඇරයුම් කරන බව ද කියා සිටියේය.
2015 වසරේ ජනාධිපතිවරණයෙන් මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයෙන් පැරදුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම පෙබරවාරි 10 වනදා පළාත් පාලන මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත හැකි අයුරින් මේවන විට ශක්තිමත් කර තිබෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා වංචාවෙන් දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් අපේක්ෂා කරන රටට ආදරය කරන සියලු ජනතාව ඒ සමඟ අද අත්වැල් බැඳගෙන සිටින බව ද කියා සිටියේය.
1994 පිහිටුවාගත් ආණ්ඩුවේ පළමු පනත වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභා පනත සම්මතකරගෙන මේ වන විට වසර 23 ක් ගතව තිබුණ ද එම වසර විසි තුන පුරාවටම දූෂණ චෝදනා යටතේ නඩු පවරා වැරදිකරුවන් බවට පත්ව ඇත්තේ පුද්ගලයන් 4 දෙනෙක් පමණක් බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිවරයා ඊට ප්‍රධාන හේතුව වූයේ එම පරික්ෂණ නිසි ලෙස ඉටුකිරීමට ඉඩ නොදීම සහ විශේෂයෙන් පසුගිය
රජය සමයේ අරලියගහ මන්දිරයේ සිට අධිකරණය වෙත ලැබුණු දුරකථන ඇමතුම් බව ද කියා සිටියේය.
වංචාව දූෂණය රටෙන් තුරන් කර නොදමා රටට අනාගතයක් නොමැති බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිවරයා දූෂණයට එරෙහි සටනට පක්ෂ, පාට, ජාති, ආගම්, කුල බේද නොසලකා සියලු ජනතාව ඒකරාශිවීම යුගයේ අවශ්‍යතාවක් බව ද කියා සිටියේය.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...