Tuesday, January 30, 2018
Home
Gossip Lanka News
රටේ සම්පත් විකුණමින් රජය ජාතියේ කොඳුනාරටිය කඩනවා - මහින්ද සූරියවැවදී කියයි
රටේ සම්පත් විකුණමින් රජය ජාතියේ කොඳුනාරටිය කඩනවා - මහින්ද සූරියවැවදී කියයි
-
Tuesday, January 30, 2018
යහපාලන රජය කරන්නේ රටේ සම්පත් විකුණා දමමින් ජාතියේ කොඳුනාරටිය කඩා දැමීම යෑයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
සූරියවැව නගර මධ්‍යයේදී පෙරේදා (28 දා) පැවති පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
මේ රටේ ජනතාවට වෙනස හොඳට දැන් දැනෙනවා. හෙට අනිද්දා වන විට මේ අය සූරියවැව ක්‍රීඩාංගණයත් විකුණන්න පුළුවන්.
මේ අය හම්බන්තොට වරාය වික්‌කා. තව ටික දවසක් යනකොට වරායත් එක්‌ක තිබෙන ඉඩම් ටිකත් පවරා ගන්න කොට තමයි ජනතාවට තරු පෙනෙන්නේ. අපි හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ හදනකොට ඒවායේ රැකියා පළාතේ දූ දරුවන්ට. මේ ආණ්‌ඩුව බලයට ආපු ගමන් අපි හදපු ඒවාට කුරුණෑගලින් මිනිස්‌සු ගෙනත් දැම්මා. දැන් මේ පළාතේ සිටින අයට තිබුණු රැකියාත් අහිමි වෙමින් පවතිනවා යෑයිද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මත්තල - දිලිප් එන්. ජයසේකර
