Tuesday, January 16, 2018
Home
Gossip Lanka News
පුංචි ඡන්දයේදී පක්‌ෂපාති වුණොත් පොලිසියට වැඩ වරදී
පුංචි ඡන්දයේදී පක්‌ෂපාති වුණොත් පොලිසියට වැඩ වරදී
-
Tuesday, January 16, 2018
පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ නීති ක්‍රියාත්මක නොකරන සහ පක්‌ෂපාතීව කටයුතු කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පැවසීය.
මැතිවරණ නීති ක්‍රියාත්මක නොකරන සහ පක්‌ෂපාතීව රාජකාරී කරන පොලිස් නිලධාරීන් පිළිබඳව තොරතුරු වෙතොත් තමන් වෙත හෝ පොලිස් මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා වෙත දැනුම් දෙන ලෙස ද පොලිස්‌පතිවරයා ඉල්ලා සිටී.
මැතිවරණ නීති ක්‍රියාත්මක නොකර පක්‌ෂපාතීව කටයුතු කරන පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පිළිබඳව මේ වන විට තමන් වෙත තොරතුරු ලැබී ඇති බව පැවසූ පූජිත් ජයසුන්දර මහතා එම නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව ද කියා සිටියේය.
මෙවර පළාත් පාලන මැතිවරණය සාමකාමීව සාධාරණ අන්දමින් පැවැත්වීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග තමා නොපැකිලිව ගන්නා බව ද පොලිස්‌පතිවරයා වැඩිදුරටත් කීහ.
