BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 23, 2018

මහ බැංකු කොල්ලකරුවන්ට දඬුවම් දෙන්න සැවොම සහාය දෙන්න

මහ බැංකු මංකොල්ලයට සම්බන්ධ සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔවුන්ට දඬුවම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පක්ෂ විපක්ෂ සියලුදෙනා තමන්ට සහය ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ සඳහා තමන් ශක්තිමත් කරනවා මිස කිසිදු අවස්ථාවක තමාව දුර්වල කිරීමට ඔවුන් කටයුතු නොකළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ (22) පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

2014 වසරේ තමන් පැවැති රජයෙන් ඉවත්වූ විට එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තමාට චෝදනා කළ අතර අද එක්සත් ජාතික පාක්ෂිකයන් ද තමාට චෝදනා නඟමින් සිටින බව පැවසූ ජනාධිපතිතුමා තමා එම කිසිදු පාක්ෂිකයකුට ද්‍රෝහි වූවා නොව තමා සැමදා කටයුතු කරන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට සහ ඒකාධිපතිවාදයට මෙන්ම පවුල්වාදයට එරෙහිව බව ද ජනාධිපතිවරයා මෙහි දී කියා සිටියේය.

යහපාලන ආණ්ඩුව අසමත් බැවින් තමන් සමඟ එක්වන ලෙස හිටපු නායකයා කර ඇති ප්‍රකාශය ද මෙහි දී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමන් තෙවරක්ම අසමත් වූ අයුරු අද ඔහුට අමතක වී ඇති බවයි. බලයේ සිටීමට වසර දෙකක් තිබිය දී ජනාධිපතිවරණයකට ගියේ රටට එල්වී ඇති ජාත්‍යන්තර අභියෝගවලට මෙන්ම අධික ණය බරත් සමඟ රට හමුවේ තිබූ ආර්ථික අර්බුදයට මුහුණදීමට තිබෙන අසමත්භාවය නිසා වන අතරම, 2015 ජනවාරි 08 වනදා ජනාධිපතිවරණයෙන් ඔහු දෙවන වරටත් අසමත්වූ අතර, ඉන්පසු පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී තෙවන වරටත් අසමත් වූ අන්දම ද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

අද මහබැංකු වාර්තාව ගැන වේදිකාවේ කෑ ගසන හිටපු නායකයා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ ඒ සඳහා ඡන්දය භාවිත නොකර රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් පිට වූ විගස දුරකථන ඇමතුමක් ලබා දී ඔහුට සුබ පැතූ අයුරු ද තමා හොඳින් දන්නා බව ජනාධිපතිවරයා පැවැසීය. එමෙන්ම මහ බැංකු බැඳුම්කර වාර්තාව පිළිබඳ කුමන අන්දමින් කතා කළත් මෙම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2008 වසරේ සිට බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පෙන්වා දී තිබෙන බව ඔවුන් අමතක නොකළ යුතු බව ද ජනාධිපතිවරයා පැවැසීය.

අද රට කඩනවා, රට විකුණනවා යැයි වේදිකාවේ කෑ ගසන ඔහු ලංකා ඉතිහාසයේ කිසිදු නායකයකු සිදු නොකළ අන්දමින් කොළඹ වරාය නගරයට අක්කර 240ක් සින්නක්කර ඔප්පුවකින් චීන සමාගමකට පවරාදීමට සැලසුම් සකස්

කර තිබූ ආකාරයත්. යුද්ධය දිනූ ශ්‍රේෂ්ට රණවිරුවන්ට යුද හමුදා මූලස්ථානයක් අහිමි කරමින් යුද හමුදා මූලස්ථානය පැවැති අක්කර 6ක භූමිය සින්නක්කර ඔප්පුවකින් ෂැන්ග්‍රිලා සමාගමට පවරාදුන් අන්දමත් සිහිපත් කළේය.

කන්ද උඩරට ඓතිහාසික 1818 කැරැල්ල සිදුවී වසර 200ක් සපිරෙන මේ මොහොතේ රට බේරා ගැනීමට තිබෙන ඊළඟ සටන දූෂණයට එරෙහි සටන බව මෙහි දී අවධාරණය කළ ජනාධිපතිවරයා අද පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක අයිතිය සහ උරුමය තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් බවත් නොකිළිටි දේශපාලන ව්‍යාපාරයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අත්වැල් බැඳ ගනිමින් සමෘද්ධිමත් රටක් ගොඩනැ‍ඟීමට මෙම පෙබරවාරී 10 වනදා රටේ සියලු ජනතාව පෙළගැසිය යුතු බවත් ප්‍රකාශ කළේය.
« PREV
NEXT »