BREAKING NEWS
latest

728x90

468x60

Tuesday, January 23, 2018

කොළඹ ගැටලුවලට දස අවුරුදු සැලැස්මක් - අගමැති

කොළඹ ප්‍රදේශයේ ගැටලු විසඳීමට දස අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වැල්ලවත්ත ජනහමුවක් අමතමින් අගමැතිවරයා මේ බව කීය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

” විශේෂයෙන්ම 1994න් පස්සේ ආණ්ඩුව කොළඹ අමතක කරා.මං හිතන්නේ අපි බලයට ආපු අවුරුදු 2 හැර කොළඹ කිසිදු වැඩක් සිදු වුණේ නෑ.සැලැස්මක් තිබුණේ නෑ. J.R ජයවර්ධන ,රණසිංහ ප්‍රේමදාස යටතේ පටන් ගත්ත සංවර්ධන සැලැසුම්වලට පස්සේ සැලැස්මක් තිබුණේ නෑ..ඒ නිසා දැන් කොළඹ ප්‍රශ්න ගණනාවක් තියනවා.දැන් කොළඹ ප්‍රශ්න විසදන්න අපිට  දස අවුරුදු සැලැස්මක් තියනවා.මේ ඔක්කොම එක සැරේ කරන්න බැහැ.අපි බලන්නේ ඊළඟ අදියරේ දී මේ තට්ටු නිවාස පනස්දහසක් කරන්න.මොකද මේ ඒ අය පවුල් පනස්දහසක් එතනට ගියාම ඒ බොහෝ දෙනෙක් හිටපු ඒ ඉඩම්වල අපිට පුළුවන් අලුත් තට්ටු නිවාස දාන්න.ඒවා තමයි නගරේ තියන නිවාස ප්‍රශ්නය අපිට විසදන්න තියෙන්නේ.කොළඹ දියුණු කරන්න ඒ දියුණුව ඉදිරියට ගෙනියන්න අපිට උවමනායි. ආණ්ඩුව එක්ක වැඩ කරන්න පුළුවන් කොළඹ මහනගර සභාවක් ආණ්ඩු බලය අපේ තියෙන්න ඕනෑ. ඒත් ඒක නගරෙට ගේන්න මහ නගර සභාවක් ඕනේ. එහෙනම් පෙබරවාරි 10 වැනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න.”
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ වැල්ලවත්ත ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි. එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා මෙය සංවිධාන කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා, පුරපති අපේක්ෂිකා රෝසි සේනානායක මහත්මිය ඇතුළු නියෝජිතයෝ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
« PREV
NEXT »