BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 21, 2018

''මංගල රට ගිය කතා බොරු : බරටම ඡන්ද වැඩ''

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා එජාප මැතිවරණය කටයුතුවලින් ඉවත්වී විදෙස්ගතව ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල පලවී ඇති පුවත් මුළුමනින්ම අසත්‍ය බව ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ඔහු එබව සඳහන් කලේ විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් පවත්වාගෙන යන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් පලවී ඇති වාර්තාවක් පිළිබඳව කල විමසීමකදීය.

මැතිවරණ කාලය අතර තුලදී ඇමතිවරයා විදේශ ගතවී සිටි අතර එජාපයේ ජනරැළි වලද පෙනෙන්නට ඇත්තේ ඉතා අඩුවෙන් බවත් ඒ සම්බන්ධයෙක් එක්සත් ජාතික පක්‍ෂයේ පසු පෙල මන්ත්‍රීවරුන්ට ගැටළුවක් වී ඇති බවත් එම වෙබ් අඩවිය වාර්තාකර තිබේ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා, '' ඇමතිතුමා මේ දවස්වල පුර්ණ කාලිකව මාතර ආසනයේ මැතිවරණ ව්‍යාපාරයේ නිරතවෙලා ඉන්නේ. අනෙක අගමැතිතුමාගේ උපදෙස් මත ඇමතිතුමා පසුගිය දින කිහිපයේම එජාපයේ ඉදිරි මැතිවරණ ප්‍රචාරක කටයුතු සැලසුම් කරමිනුයි හිටියේ. එනිසා අගමැතිතුමා කියල තිබුනා ඒවා අතපසුකරගෙන රැස්වීම වලට එන්න එපා කියලා. නුවර රැස්වීමට නොගියේ එදා ප්‍රචාරක නිර්මාණ කිහිපයක්ම අවසන් කිරීමට තිබුන නිසා.''

මැතිවරණය අවසන් වූ පසු දේශපාලන කරණමකට ඔහු සූදානම් වන බවට එම වෙබ් අඩවියේ පලවී ඇති පුවත සම්බන්ධයෙන් අසිත රාජපක්ෂ මහතා පැවසුයේ, තම නායකයා පාවාදී තනතුරු වරප්‍රසාද ලබා ගැනීමේ දේශපාලනය මංගල සමරවීර ඇමතිවරයා සැමදා පිටුදැක්ක බවයි.
« PREV
NEXT »