BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 21, 2018

බැසිල්, චන්ද්‍රිකා අත්තනගල්ලේ සටන තියුණුවේ

මෙවර පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ආසනයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පරාජය කොට ඇය දේශපාලන භූමියෙන් සදාකාලිකවම අතුගා දැමීමට කටයුතු කරන බව 'පොහොට්ටු' පක්ෂයේ මහ මොලකරු වන බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ගම්පහ දිස්ත්‍රීක්කයේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හමුවේ ඔහු එබව සඳහන් කර තිබේ.

'' අපට එරෙහිව මෛත්‍රීව උසිගන්නන්නේ චන්ද්‍රිකා. එයා දේශපාලනයේ හිටියොත් අපට අනාගතයක් නැහැ . ඒ නිසා මම චන්ද්‍රිකා පරද්දන්න අත්තනගල්ලට ශ්‍රීලනිපයට හිතවත් කණ්ඩායම් පහක් මේපාර ඡන්දෙට දැම්මා. ඒ කණ්ඩායම් පහේ ඡන්ද කැඩුනාම චන්ද්‍රිකා කපෝති. '' යයි බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය පරාජය කිරීම සඳහා අත්තනගල්ලට ගොස් ඒ සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන්නැයි ඔහු ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරන එම මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස උපදෙස් දී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා මෙසේ අත්තනගල්ලට වැඩි බරක් යොදා ඇත්තේ, 1948 සිටම බණ්ඩාරනායකවරුන් හෝ ඔවුන්ගේ සහය ලැබූ පුද්ගලයින් හා කණ්ඩායම් අත්තනගල්ල ආසනය ජයග්‍රහණය කර තිබෙන දේශපාලන ඉතිහාසයක් තුලය.

එම තත්ත්වය මැනවින් අවබෝධකර ගෙන සිටින බැසිල් රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයේදී මේවනවිටත් වැඩිම මුදලක් ආයෝජනය කර ඇත්තේ අත්තනගල්ල ආසනය සඳහා බව 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානියකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

දේශපාලනයෙන් සමුගන්නා බව චන්ද්‍රිකාත් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රීක් නායිකාව වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය මෙවර පළාත් සභා මැතිවරණයේදී ශ්‍රීලනිපයේ ජයග්‍රහණය වෙනුවෙන් අත්තනගල්ල ආසනය පුරා රැස්වීම සංවිධානය කරමින් යලි ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වී සිටියි.

කෙසේවුවද මෙම මැතිවරණයෙන් පසු තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සදහටම ඉවත්වී ස්වාධින පුරවැසියකු ලෙස සමාජ සේවයේ නියැලෙන බව ඇය එම රැස්වීම්වලදී අවධාරණය කරමින් සිටින බවද පැවසේ.
« PREV
NEXT »