BREAKING NEWS
latest

728x90

468x60

Thursday, January 04, 2018

ඉන්දීය ගිලන් රථ සේවාව පිළිබදව වෛද්‍ය සංගම් නැගූ මතවාද පුස්සක් වෙයි

1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවාවේ දෙවන අදියර වෙනුවෙන් එකඟතා ගිවිසුමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දි අත්සන් තැබුණා. මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියා.

ගිලන් රථ 209 ක් ලබා ගැනිම වෙනුවෙන්. ශ්‍රී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සහ ඉන්දියාව නියෝජනය කරමින් ශ්‍රී‍්‍ර ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ශ්‍රී‍්‍ර තරංජිත් සිං සන්ධු යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

වත්මන් රජය සෞඛ්‍ය වෙනුවෙන් විශාල මුදලක් වෙන්කර ඇති බවයි එම අවස්ථාවට එක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කළේ. ඉන්දු – ශ්‍රී‍්‍ර ලංකා මිතුදම වඩාත් ශක්තිමත් කරමින් සුවසැරිය හදිසි ගිලන් රථ සේවාව රටට හිමිවුයේ පසුගිය වසරේ දි. මේ වන විට පනස් එක් දහසකගේ පමණ ජීවිත බේරාගෙන ඇති අතර මෙතෙක් ගිලන් රථ සේවාවට ලැබි ඇති ඇමතුම් සංඛ්‍යාව හාර ලක්ෂ හතලිස් පන් දහස ඉක්මවනවා. ඉදිරියේදි සියලු පළාත් ආවරණය වන පරිදි සුවසැරිය ගිලන් රථ සේවාව ව්‍යප්ත කිරිමයි සැළසුම වී තිබෙන්නෙ.
« PREV
NEXT »