Friday, January 05, 2018
Home
Gossip Lanka News
අර්ජුන් මහේන්ද්‍රන් රට අත්හැර ගිහින්?
අර්ජුන් මහේන්ද්‍රන් රට අත්හැර ගිහින්?
-
Friday, January 05, 2018
බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත්වීමත් සමඟ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරට හැරගොස් ඇති බව වාර්තා වෙයි.
ඔහු එලෙස පිටව ගොස් තිබෙන්නේ සිංගප්පුරුව වෙත බවත් එසේ ඔහු ගොස් තිබෙන්නේ තම පුරවැසිභාවය හිමි සිංගප්පූරුව බලා බවත් දැනගන්නට ඇත.
මේ සම්බන්ධව අදහස් පළකරන පාර්ශව සඳහන් කර සිටින ආකාරයට ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව හිටපු මහා බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අවම වශයෙන් පොදු දේපල පනතේ ලා ගනයට අයත් වරදක් හෝ සිදු කොට ඇති බව ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් හෙළිව ඇති බවය.
එසේම පසුගිය කාලයේදී රාජ්‍ය සේවකයින් වූ අමාත්‍යාංශය ලේකම්වරුන් ඇතුළු නිලධාරින් මෙන්ම දේශපාලඥයන් විශාල පිරිසක් වත්මන් පාලනය යටතේ අත් අඩංගුවට ගෙන රීමාන්ඩ් ගත කෙරුණේ පොදු දේපළ අවභාවිතය පනත යටතේ වන බැවින් එම තර්ජනය නිසා ඔහු රට අත්හැර ගොස් ඇති බව එම පාර්ශව වැඩි දුරටත් සඳහන් කර සිටියි.
