Wednesday, January 10, 2018
Home
Gossip Lanka News
නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ජනපති අතින් විවෘත කෙරේ - නිදහස ගැන කියවෙන අපුරු වීඩියෝවක්
නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ජනපති අතින් විවෘත කෙරේ - නිදහස ගැන කියවෙන අපුරු වීඩියෝවක්
-
Wednesday, January 10, 2018
නිඳහස යන වචනය අපේ රටේ මිනිසුන්ට වෙන කවරදාටත් වඩා අත්විඳින කාල පරිච්චේදයක් අද දවසේ උදාවී ඇති බව ඔබ අප සියලු දෙනාම දන්නා කරුණකි. අද තම අදහස් නිදහසේ දැක්වීමටත් නිදහසේ ජිවත් වීමටත් අවකාශයක් ලැබී ඇත… රටේ ජනපති අගමැතිගේ සිට ඕනෑම කෙනෙකුට ඕනෑම අදහස දැක්වීමට හැකිය… ඒ වෙනුවෙන් සුදු වෑන් හෝ මිනීමරු අඳුරු සෙවනැලි පසු පසින් පන්නන්නේ නැති නිදහස් යුගයක් උදාවී ඇත. ඒ නිදහස දරා ගත නොහැකි හා එය වල්බුරු නිදහසක් කරගත් නොමිනිසුන් අතර නිදහස අගය කරන හා ඒ නිදහස භුක්ති විඳින බහුතර ජනතාවක් රටතුල වාසය කරති…
එක අඳුරු සමයක දේශපාලන නිඳහස, ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කිරීමේ නිඳහස, මාධ්‍ය නිඳහස, කොටින්ම කියතොත් තමන්ගේ සිත්සේ අදහස් ප්‍රකාශකිරීමේ නිඳහස තියා ජීවත්වීමේ නිඳහස පවා අහිමිව තිබු කාලයක් නිමා කොට දිවි පරදුවට තබා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ නිඳහස උදෙසා තම ජිවිතය කැප කරමින් 62 ලක්ෂයකගේ අපේක්ෂාවන් මල්පල ගන්වන්නට මෛත්‍රිපාල සිරිසේන නම් වූ ශක්තියේ හා යුක්තියේ මිනිසා රටට උදාකළ නිදහස ගමට ගෙනයන්නට හොඳම කාලය උදාවී ඇත.
නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ජනපති අතින් විවෘත කෙරේ ....
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ස්ථාපිත කළ ,නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය, අද (09) පස්වරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරිණි.
අංක 65, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේ නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය ස්ථාපිත කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණයේදී කි්‍රයාත්මක කිරීමට අපේක්ෂිත මාධ්‍ය ප්‍රචාරණ වැඩපිළිවෙළ පිළිබදව ද මෙහිදී මාධ්‍ය දැනුවත් කෙරිණි.
ඒ පිළිබද තොරතුරු ඇතුළත් Nidahasugayak.com වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්. බී. දිසානායක, ඒ.එච්.එම්. ෆවුසි, මහින්ද අමරවීර, චන්දිම වීරක්කොඩි, තිලංග සුමතිපාල, අනුරාධ ජයරත්න යන මහත්වරුන් ඇතුථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...