අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරද්දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතා පුවරු ඔසවමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදුව ඇත
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්‍ත්‍රී ගාමිණී ලොකුගේ හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ අතර ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
අගමැතිට ආ පොත් ප්‍රහාරය කාවින්ද ව්‍යයර්ත කරයි
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුවන සිසිර ජයකොඩි විසින් අග්‍රාමාත්‍ය තුමා වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් ඒ අසල රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන තරුණ මන්ත්‍රීවරයා විසින් ව්‍යවර්ථ කර ඇත. කෙසේ නමුත් කාවින්ද ජයවර්දන මහතාය ක්ලාන්තයක් ඇතිවී ඇතිබවටද ආරංචිමාර්ග සදහන් කරයි.
විරෝධතා පුවරු රැගත් විපක්ෂයේ මන්ත්‍රීවරු සභගර්භය මධ්‍යයේ ආරම්භ කළ විරෝධතාවයට පසුව ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ.
මන්ත්‍රී රංජිත්ට සුළු තුවාල

එහිදී මැති ඇමතිවරු පරුෂ වචනයෙන් බැණ වැදි ඇති බවත් ඉතා අශෝභන ආකාරයෙන් හැසිරුණු ආකාරයක් ජංගම දුරකථනයක පටිගත වී ඇත.
විරෝධතාවයට එක් වී සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් හා එක්බද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ බහින්බස් වීම දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර එය සමතයකට පත් කිරීමට අගමැතිවරයාට ද මැදිහත් වීමට සිදු විය.
කෙසේ වෙතත් ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාට සුළු සීරිම් තුවාල සිදුවි ඇති අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඔහුට ප්‍රතිකාර කර තිබේ.
මේ අතර විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මෙවැනි ගැටුමක් තමා කිසිම දිනක දැක නොමැති බවත් පළමුවෙන්ම විපක්ෂ මන්ත්‍රී ගාමිණී ලොකුගේ නැගී සිටි බවත් නින්දිත බවත්ය.
එම වීඩියෝව පහතින්,