Friday, January 12, 2018
Home
Gossip Lanka News
ගනේමුල්ල ගුවන් පාලම ජනතා අයිතියට
ගනේමුල්ල ගුවන් පාලම ජනතා අයිතියට
-
Friday, January 12, 2018
ස්පාඤ්ඤ ගුවන් පාලම් ව්‍යාපෘතිය මඟින් 2016-04-19 දින ගනේමුල්ල ගුවන් පාලම ඉදිකිරීම සඳහා මුල් ගල තැබීම සිදු වූ අතර මීටර 300 ක දිගින් යුතු පිවිසුම් මාර්ගයත් සමඟ ගනේමුල්ල ගුවන් පාලමේ සම්පූර්ණ දිග මීටර 504 කි. මංතීරු 02 ක් සහිතව ඉදිකරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,768.21 වැය වී ඇත.
සංවර්ධනය රටේ සෑම තැනකටම බෙදී යන පරිදි රජය කටයුතු කරන බවත් මේ වන විටත් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය. ගනේමුල්ල දුම්රිය ස්ථානය අසල ඉදිකල ගුවන් පාලම ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (11) දින එක් වෙමිනි.
2020 පාර්ලිමේන්තු මැතිවරණයට කලින් මේ මාර්ගයේ ඉදිකිරීම් අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බවත් දකුණ වගේම උතුරු පළාතත් සංවර්ධනය කිරීමට ඉන්දියානු රජයෙන් විශාල සහයෝගයක් ලැබී තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තිස් වසරක යුද්ධය නිසා එ් පළාත්වල මාර්ග විශාල ප‍්‍රමාණයක් විනාශ වූ අතර ඒ නිසා දකුණ සංවර්ධනය කරන්නා වගේම උතුරත් සංවර්ධනය කරන බවත් හම්බන්තොට ප‍්‍රදේශයේ ඉදිරි වසර තුන ඇතුලත කර්මාන්ත ශාලා රාශියක් චීන ආධාර සහිතව ඇති කිරීමට රජය බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග, රුවන් විජේවර්ධන , ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් මාන්නප්පෙරුම මැතිතුමා ඇතූළු විශාල පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය
Most Reading
-
කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිමට අදාළව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය වහා...
-
ysgmq fj<| weu;s fcdkaiagka m%kdkaÿf.a n;a;ruq,a," chjvk.u msysá ksjfia jeisls,s jf,ka" ckm%sh .dhsld iñ;d trkao;S uqÿkafldg...
-
ඉදිරි දින කිහිපය තුළ සුවිශේෂී වෙනස්කමක් සිදුකරන බව ජනාධිපති ම්‍රෛතීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දී තිබේ. පළාත්...
-
දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින...
-
udOHfõ§ ,ika; úl%u;=x. uy;d >d;kh ùug fmr tjlg ysgmq ckm;s uyskao rdcmlaI uy;dg ÿrl:kfhka l;d lr we;s nj Tyqf.a udOH m%ldYl frdydka je...