BREAKING NEWS
latest

728x90

468x60

Sunday, January 07, 2018

ලලිත් ඇතුළත්මුදලි දියණියගේ ප්‍රසංශාව ජනපති මෛත්‍රීට

කෘතහස්ත දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සහ ශ්‍රීමණි ඇතුළත්මුදලි මහත්මියගේ දියණිය වන සරලා ඇතුළත්මුදලි මහත්මිය අද (06දා) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

නිදහස් සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් අපේක්ෂා කළ සහ ජාතිය ගොඩනංවන පුළුල් මෙහෙවරක් උදෙසා කැපවන්නට සිටි තම පියාගේ දේශපාලන ගමන් මහ මෙහිදී සිහිපත් කළ සරලා අතුළත්මුදලි මහත්මිය අද ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ස්ථාපිත කරමින් ලෝකයේ පිළිගත් රාජ්‍යයක් ලෙස ඉදිරියට ගෙනයාමට ජනාධිපතිවරයා ඉටුකරන මෙහෙවර පිළිබද සිය ප්‍රශංසාව පළ කළ බවද මාධ්‍ය අංශය සඳහන් කරයි. 

රට වෙනුවෙන් ඕනෑම අවස්ථාවක තම සහය ලබාදීමට සූදානම් බව ද ඒ මහත්මිය පවසා ඇත.

ශ්‍රී ලංකාවේ හිටපු වෙළෙද, ජාතික ආරක්ෂක, කෘෂිකර්ම කැබිනට් අමාත්‍යවරයෙකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතා 1977- 88 ජේ.ආර්. ජයවර්ධන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විය. 

මුලින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එතුමා අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු වඩාත් ජනතාව අතර ප්‍රකට වූයේ මහපොළ ශිෂ්‍යධාර ක්‍රමයෙහි නිර්මාතෘවරයා ලෙසිනි.

රටත්, ජාතියත් වෙනුවෙන් සුවිසල් මෙහෙවරක් ඉටුකරමින් සිටියදී 1993 අප්‍රෙල් මාසයේදී එතුමා සහසික වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් විය.
« PREV
NEXT »